Not Alone

172 26 31
                                    

11.15යි.

මේ පැය බාගෙට විතරක් මන් ෆෝන් එක ඔන් කරලා වෙලාව බැලුවේ විසි තුන්වෙනි පාරට. හෙට ජන්ග්මින් ඔප්පගේ බර්ත්ඩේ එක. ඒ වගේ ම ඔප්පා අවුරුදු ගානකට පස්සේ තියෙන ෆෑන් මීට් එක. ගොඩක් දුරට ඒක ඔප්පගේ අන්තිම ෆෑන් මීට් එකත් වෙයි.

මෙච්චර වෙලා මේසේ උඩ තිබ්බ හිස් කොළේ දිහා බලාගෙන හිටපු මන් අන්තිමට ලියන්න පටන් ගත්තා. ඒ මේක කොහොමහරි ඉවර කරලා නිදාගන්න යන්න ඕනේ නිසා මිසක් කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්න ද කියලා කිසිම අදහසක් තිබුණ නිසා නම් නෙමෙයි. ඒත් ලියන ලියන කොළේ ගුලි වෙලා බිමට විසි වෙද්දි මගේ හිත මීට අවුරුදු හතරකට කලින් මතකවලට ඇදිලා ගිහින් අතරමන් වුණේ මටත් නො දැනීමයි.

' ඔප්පා, හෙටට හරියට ම අවුරුදු හතරක්. '

~ Flashback ~

"ආයිෂ්.. මොන මගුලක් ද? නිදාගන්නවත් නෑ නිදහසේ. ඇඳට වැටුණ ගමන් අනිත් පැත්තට මේ මගුල කෑගහන්න ගන්නවනේ. "

උදේ පාන්දර බැන බැන ම බාගෙට කකුල් දෙකත් පැටලි පැටලි මන් කාමරේ මේසේ ළඟට දිව්වේ එලාම් එක ඕෆ් කරන්න. මුළු ඇඟ ම ඇදුම් කනවා වගේ. ඒ අස්සේ හැමදාම උදේට මහ හයියෙන් වදින එලාම් එකත් දැන් මට හිසරදයක් වෙලා. එලාම් එක ඕෆ් කරලා ආපහු තව පැය බාගයක් නිදාගන්න යන්න හැදුවත් මන් නිකමට වගේ වෙලාව බැලුවේ අද වෙනදට වඩා පරක්කු ගතියක් දැනුන නිසා.

"ම්වෝ 6.15යි? ආයිෂ්.. චින්චා මන් කොහොමද මෙච්චර වෙලා නිදාගත්තේ?"

මට ම කියාගන්න ගමන් මන් ෆෝන් එකේ එලාම්ස් ටික චෙක් කළේ මෙච්චර පරක්කු වෙනකන් නිදාගත්තු හේතුව හොයාගන්න. හරිනේ.. ඊයේ නිදි මරගාතේ 5.15 එලාම් එක වෙනුවට මන් ඔන් කරලා තියෙන්නේ 6.15 එක. මගේ ම නො සැලකිලිමත්කමට බැන බැන ඇඟ පතේ අමාරුවත් පැත්තක දාලා මන් ඉක්මනට බාත්රූම් එකට රිංගගත්තේ දැනටමත් මන් පැය බාගෙකටත් වඩා පරක්කු නිසා.

විනාඩි පහට වොෂ් එකක් දාගෙන ඇවිත් ඇඳුමක් දාගන්න කලින් මන් ෆෝන් එකේ ඩේටා ඔන් කළේ පුරුද්දට වගේ.

"වෙලාවට ඇඳුම් ටික හරි අයන් කරලා තියෙන්නේ. "

කොච්චර අමාරු වුණත් වීකෙන්ඩ් එකේ මුළු සතිය ම අඳින ඇඳුම් අයන් කරලා තියන එකට පින් දිදී මන් ෆෝන් එකත් ආපහු ඇඳ උඩට ම විසි කරලා ඉක්මනට ස්කූල් යුනිෆෝම් එක දාගත්තා. ඔළුව මුදුනට කරලා ගැටගහගෙන හිටපු කොණ්ඩේ කඩලා දාලා පීරන්න පටන් ගන්නකොට ම ෆෝන් එකට එක දිගට එන්න ගත්තු නොටිෆිකේෂන් නිසා මගේ කේන්තිය ආපහු වැඩි වුණා.

Not Alone || PJM [Completed] Where stories live. Discover now