🔞 8th Bite 😁

Start from the beginning
                                    

ජාන් ඇගට පතට නොදැනී කියද්දි කොල්ලො ඔක්කොම ඇවිත් වාඩි උනත් ඇස් නම් ජාන්ගේ තොල් වලම රැදිලා තිබුනා.. හැබැයි ජාන් ගනන් ගත්තෙ නෑ...

🔻 අන්තිමට උබටත්  පාට්නර් කෙනෙක් හම්බුනා නෙහ්...

දවසේ කතාව උනේ අද යීබෝ හා ජාන් වෙද්දි අවසන් ලෙක්චර් එක යීබෝගේ වෙනකල්ම ජාන්ගේ කන් දෙකම පිරිලා තිබ්බේ...

යීබෝ පොත් කිහිපයක් අරන් පන්තිය ඇතුළට එද්දී ජාන් සැදී පැහැදී බලන් උන්නත් පෙනුම නම් තිබ්බේ මට ඉගන ගන්න බෑ වගේ... ඒ හිත ඉතින් කවුරු තේරුම් ගන්නද...

💚 හායී ළමයි.. කොහොමද අද දවස...

❤️ පට්ට.. බලය ජවය ශක්තිය පිරි පට්ට පට පට දවසක් ඉතින්...නේහ් බන්...

🔴 අවුලක් නෑ සර්...

යීබෝ ජාන්ට රවලා ජාන් ඉස්සරහින්ම වාඩි වෙද්දි ජාන් හිනා උනේ හරිම හුරතල් විදියට.. අන්න ඒකට නම් යීබෝගේ මුවේ චූටී හිනාවක් ඇදුනා...

යීබෝගේ දීර්ඝ දේශනාව අවසානයේදී යීබෝ නෝට් එක ලියාගන්න දෙද්දි ජාන් සද්ද නැතුව හරිම ඕනකමින් වැඩේට හිත දෙද්දි කොල්ලො ඔක්කොම සැරින් සැරෙන් ජාන් දිහා බලනවා යීබෝ දැක්කත් යීබෝට ආවේ හිනාවක්...

" පුදුම ඕන කමක්නේ ඉගන ගන්න තියෙන්නේ... කපටි කොල්ලා... මොකක් හරි නිසා කොල්ලා පාඩම් කරනවනේ.. ඒකම මදැයි..."

යීබෝ ජාන් දිහාම බලන් ඉද්දි කෙල්ලෙක් කෑ ගහලා තේරුන්නෑ ගාද්දී යීබෝට හිතුනේ අපරාදේ පන්තියෙන් එලියට ගියාම කිව්වානම් ඇතිනේ කියලා...

💚 ඔයා නිදාගෙනද හිටියේ.. කොතනද තේරුනැත්තේ...

යීබෝ බෝඩ් එක ලගට ගිහින් අපැහැදිලි තැන බෝඩ් එකේ චාට් එකක් ගහලා පෙන්වද්දී පාඩම හොදටම තේරුන ජාන් යීබෝගේ පස්ස දිහා බලන් උන්නේ කෑදර කමින්...

" අම්මෝ...මිරිකන්න ඕනේ මට.."

හිත කෑ ගහලා අඩද්දි ජාන්ගේ ඇස් රැදිලා උන්න යීබෝගේ පස්ස අනිත් පැත්තට හැරෙද්දි ජාන් දැක්කේ යීබෝගේ ඉදිරිපස වෙද්දි ජාන් යටි තොල ලෙවකා ගත්තේ යීබෝ ජාන් දිහා බලන් ඉද්දී....

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now