I meow you - 02

568 75 21
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


✧ I meow you ✧

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

✧ I meow you ✧

.

.

.

මම එදා හිටියෙ පුස්තකාලයේ. පෙරේද ඉදන් කියවපු පොත අද කොහොමහරි කියවලා ඉවර කරනවමයි කියල මම මටම ටාගට් එකක් දීලා තිබුනා.

අපේ ස්කෝලෙ පුස්තකාලෙ පැත්තෙ ඉන්නව ලස්සන බළල් පැටියෙක්. කොල පාටට හුරු අළු පාටකුයි කිරිසුදු පාටකුයි මික්ස් වෙච්ච ලස්සන පූස් පැට්ටෙක්.

ඌට දාලා තිබ්බ නම ස්කෝලෙම දන්නවා. කව්ද දන්නෙ නෑ ඇත්තටම ඒ නම දැම්මෙ.

උගෙ නම 'කීසි'.

කීසි ඇවිත් මගෙ කකුලෙ ඇතිල්ලෙන්න ගත්තා. ඌ හරිම සිනිදුයි. මාත් ඌ එහෙම ඇතිල්ලෙද්දි සනීප නිසා කකුල් දෙකත් හොදට දිගඇරගෙන හිටියා.

මෙච්චර වෙලා හැමදේම හොදට සිද්ද වුනා කීසි පුරු පුරු ගාන ගමන් මියෑව් කියන්න ගන්නකම්ම.

උට මං ගාව ආදරේ හිතිලද කොහෙද සද්දෙන් කෑගැහුවා.

ආ කමක් නෑ කියල මම හිටියට මූ කෑගහන එක නැවැත්තුවෙම නෑ.

මම කන් දෙකත් අතින් වහගෙන පොත දිහා බලන් හිටියා. මම දැක්කා මං ඉදන් හිටපු මේසෙම කොනේ ඉදන් ඉදිය ගෑණු ළමයත් කීසි දිහා බලනවා.

GL STORY COLLECTION | ✧Where stories live. Discover now