First kiss in the dressing room - 01

1.2K 108 25
                                    

✧ First kiss in the dressing room ✧

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

First kiss in the dressing room ✧

.

.

.

ඒ අපේ ස්කෝලෙ හවස ශරිර සුවතා වැඩසටහනක් තිබ්බ දවසක්. ළමයි හැමෝම එහෙ මෙහෙ යන ගමන් හිටියෙ ඒකට ලෑස්ති වෙන්න ඕන නිසා. මොකද පැය භාගෙකින් හරියටම ග්‍රවුන්ඩ් එකට ඇවිත් ඉන්න කිව්වා.

හැමෝම ඊට කලින් කාලා එහෙම ඇදුම් මාරුකරගන්න ඕනා. බොටම් ඇන්ඩ් ටීශර්ට් ඇදගෙන ඉන්න ඕනා.

මම ඩ්‍රෙසින් රූම් එකට යන පාරෙ වොශෲම් එක හරියෙත් එයාව බැලුවෙ ඊට එහායින් එයාලගෙ ක්ලාස් එක තියෙන නිසා එයා ඉන්නවද බලන්න.

අපි කලේ වෙනස් සබ්ජෙක්ට්ස් නිසා මටයි එයාටයි හම්බවෙන්න පුලුවන් වුනේ ඉන්ටවල් එකට විතරයි.

එයා එතන ඉදියෙත් නැති නිසා මං යාලුවො රැලත් එක්ක ඩ්‍රෙසින් රූම් එක දිහාවට ඇදුනා. ස්කෝලෙ ඉවර වුනු ගමන්ම කෑම ටික කෑව නිසා ඉක්මනින් ඇදගන්න යන්න පුලුවන් වුනා. ඇරත් අපිට ඉක්මනින් කෑම කාලා ඉවර කරන්න පුලුවන් වුනේ උදේ ඉදන්ම හොරෙන් තිබ්බ ඒවයින් ටික ටික කෑව නිසා.

"අම්බෝ.. තාම කවුරුත් ඇවිල්ලා නෑ..." ලිලී කිව්වෙ බෑග් එක බිමට විසික් කරලා පුටුවක් උඩින් දිගා වෙන ගමන්.

"හ්ම්.. ඒක හොදයි.. ආතල් එකක් ගත්තහැකි.." ලීසා එහෙම කියද්දි මම ඒකෙ වෙනම තේරුමක් නිසා හයියෙන් හිනා වුනා.

කොහොමහරි අපි ඇදගෙන ඉවර වෙනකොට ඩ්‍රෙසින් රූම් එක ළමයිගෙන් ටිකෙන් ටික පිරුණා. ඉදල හිටලා ඇදුම් ගලවන් ඉන්න ගෑණු ළමයින්ගෙ ඇගවල් දිහා මට නොබැලුනාමත් නෙමෙයි. ඒත් මම නොබල ඉන්න උත්සාහ කලා. මොකද මං එයාට ලෝයල් වෙන්න එපැයි. මම හොද ළමයෙක්.

GL STORY COLLECTION | ✧Kde žijí příběhy. Začni objevovat