රතු පාට කැමේලියා කියන්නෙ ඉතා තදින් තවත් කෙනෙක් වෙත ඇතිවෙන ආසාව සංකේතයක් කරන මලක්.. ඉතින් ටේහ්‍යුන් ට හිතුනා රතු කැමේලියා මල ජන්ග්කුක් ට හොදින්ම ගැලපෙනව කියල..

"ඔයා තනියම ඉන්නෙ ඇයි ටේහ්‍යුන් ?"

ටේහ්‍යුන් බලාපොරොත්තු උන ප්‍රශ්නෙ ජන්ග්කුක් ගෙන් ඉදිරිඔඅත් වෙද්දි ටේහ්‍යුන් හිනාවුනා.. ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ව සෝෆා එකෙන් ඉන්දවල අහපු ප්‍රශ්නෙට උත්තර නොදීම කුස්සිය පැත්තට ඇවිදගන ගියා..

"ඔයා ආස මොනවගේ දෙයක් බොන්නද පෙට්? උණුම උණු මී පැණි දාපු ලෙමන් තේ එකක් කොහොමද?"

ටේහ්‍යුන් එහෙම අහද්දි ජන්ග්කුක් හිමීට නැගිටල ටේහ්‍යුන් ලඟට ගිහින් ටේහ්‍යුන්ගෙ පිටට ඔලුව තියාගන තමන්ගෙ අත් ටේහ්‍යුන් ගෙ බද වටේට තදකරගත්තා..

ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් ගෙ තේ එක හදන්න ගද්දි ජන්ග්කුක් තවත් ටේහ්‍යුන් ගෙ උණුහුමේ ගුලිවුනේ ටේහ්‍යුන් ගෙ හිතට අමුතු තාලෙ හැගීමක් ගේන ගමන්..

"ඔයා මට මේ තේ එක හදාගන්න දෙන්නෑ පෙට්"

"මට තේ ඕන නෑ.. මට ඕන ටේ..."

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පිට අස්සෙ ඔලුව හංගගන තමන් එක්කම හීනියට හිනාවෙන ගමන් එහෙම කියද්දි ටේහ්‍යුන් ගෙ මූනටත් ඉබේටම හිනාවක් ආවා.. ටේහ්‍යුන් එහෙමම තේ හදන එක නතර කරල ජන්ග්කුක් ගෙ පැත්ත හැරිලා ජන්ග්කුක් ව උස්සල පැන්ට්‍රි එක උඩින් තිබ්බා..

ඒ වැඩෙන් ජන්ග්කුක් ගැස්සුනා.. බයෙන් වගේ වටපිට බලපු ජන්ග්කුක් ආයෙම ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කම්මුලක් සිනිදුවට සිපගත්තේ ජන්ග්කුක් ව රතු පාටට හරවලා..

"ඔයා ලස්සනයි පෙට්.. රතු පාට කැමේලියා මලක් වගේ ලස්සනයි"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කන් පෙත්තක් සිනිදුවට අතගානකොට ජන්ග්කුක් ගෙ කම්මුල් වල හිරිගඩු පිපුනෙ ජන්ග්කුක් ගෙ මුලු ඇගම හිරිවට්ටලා..

ජන්ග්කුක් එයාගෙ බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ව හාදුවකට අල්ලගත්තා..

VOLCANO✔️Where stories live. Discover now