28th~

1.3K 323 55
                                    

"මට ඒ වගේ අබ්බගාතයෙක් ඕන නෑ ඩෑඩ්. අනික ඒ මිනිහා ආස පිරිමින්ට! මම පිරිමියෙක් ද!"

රෙබෙකා ගෙ කෑගෑහිල්ල එක්ක ජොනතන් එයාගෙ ඇගිලි වලින් නලල මිරිකගත්තා.

"ඔයාගෙ වැඩ නිසාමයි ඔයාට කසාදයක් හරියන්නැත්තෙ රෙබෙකා!"

"ඩෑඩ්! ඔයා කියන්නෙ ජන්ග්කුක් පිරිමින්ට කැමති එකත් මගෙ වැරැද්දක් කියලද?"

"තමන්ගෙ මල්ලි අතින් රේප් උන කෙල්ලෙක් කියන නම ඔයාට ගාවගත්තෙ ඔයාමයි!"

"ඒත් ඩෑඩ්-"

"ඔයා හොදටම දන්නව ඒක උනේ ඔයාගෙ උවමනාවට කියල රෙබෙකා!"

"ඩෑඩ්! මම ඔයාට මේ කසාදෙ කරගත්ත දවසෙම කිව්වා මට ටේහ්‍යුන් එක්ක මල්ලි කෙනෙක් එක්ක ඉන්නව වගේ ඉන්න බෑ කියල! මට ටේහ්‍යුන් ව ඕන ඩෑඩ්.. එයා පිරිමින්ට ආස කෙනෙක් නෙවෙයි"

"රෙබෙකා! තවත් ඔයාගෙ ඔය විකාර වැඩ නතර වුනේ නැද්ද?"

"ඔහ් ගෝඩ් ඩෑඩ්! හැමදේම හොද විදියට වෙන්න යන්නෙ. ජන්ග්කුක් දැන් නිකන්ම අබ්බගාතයෙක්! මං දැනගත්තා ඒ වැදුන පාරට ජන්ග්කුක් ට ලොකු දෙයක් වෙන්නම ඕන කියල!"

"ඒ කියෙන්නෙ-

" මං දැක්කා එයා කලන්තේ දාලා බිමට වැටෙනව. කාර් එකට නගිද්දි. ඔහ් ඒ වගේ පව්කාරයෙක් ගැන තවත් මොකටද ඩෑඩ් මම වදවෙන්නෙ? මට ඕනෙ ටේහ්‍යුන් ව ඩෑඩ්.. ටේහ්‍යුන් ව මට කොහොමහරි ඕන!"

"රෙබෙකා!!!"

ටේහ්‍යුන් ගෙ අම්මගෙ කෑගෑහිල්ලට රෙබෙකායි ජොනතනුයි දෙන්නම ගැස්සිලා පිටිපස්ස බැලුවා.. ටේහ්‍යුන් ගෙ අම්මගෙ ඇස් රතුවෙලා තිබ්බා.. වෙව්ලන තොල් දෙකක් කට අස්සෙම තද කරහන අඩියට දෙකට රෙබෙකා ලඟට ආව ටේහ්‍යුන් ගෙ අම්මා  රෙබෙකාට හිතන්නවත් වෙලාවක් නොදී රෙබෙකා ගෙ කම්මුලට හයියෙන් පාරක් ගැහුවා..

රෙබෙකා කම්මුලත් අල්ලගන පස්සට ගිහින් ටේහ්‍යුන් ගෙ අම්මා දිහා රතු උන ඇස් වලින් බලද්දි ටේහ්‍යුන් ගෙ අම්මා හිටියෙ කේන්තියෙන් වෙව්ලන ගමන්.

VOLCANO✔️Where stories live. Discover now