11th~

1.3K 323 34
                                    

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ පපුව උඩ. ඒ උණුසුම් පපුවට ගුලිවෙලා ජන්ග්කුක් සනීපෙට නිදාගන හිටියා.. අවට වෙන දේවල් ගැන හාංකවිසියක දෙයක් වත් නොදැන ජන්ග්කුක් තමන් ආසම කරන කෙනා ළඟ තුරුල් වෙලා නිදාගන හිටියා..

"පෙට්... පෙට් නැගිටින්න!"

ජන්ග්කුක් ගැස්සුනා.. ගැස්සිලා අමාරුවෙන් නිදිමතේම ඇස් ඇරපු ජන්ග්කුක් දැක්කෙ තමන්ගෙ මූනට එබිලා එහෙ මෙහෙ දුවන ටේහ්‍යුන් ගෙ කලබල ඇස්..

"ට්- ටේහ්‍යුන්ගි"

ජන්ග්කුක් නිදි ගැට කඩන ගමන් වචන ගැටගගහ එහෙම කියද්දි ටේහ්‍යුන් ඇදෙන් බිමට බැස්සා..

"ජන්ග්කුක් ඉක්මනට ඇදුම් ඇදගන්න අපි යන්න ඕන"

ටේහ්‍යුන් කියන්නෙ මොනාද කියල ජන්ග්කුක් ට තේරුමක් තිබුනෙ නෑ.. අඩවන් උන ඇස් වලින්ම වටපිට බලපු ජන්ග්කුක් ආයෙම ටේහ්‍යුන් දිහාට හැරුනා..

"දැන් වෙලාව කීයද ටේහ්‍යුන්?"

"පාන්දර හතරයි පෙට්.. ඉක්මන් කරන්න!"

"ඇයි ටේහ්‍යුන් ? මොකද්ද ප්‍රශ්නේ? කලබල වෙලා ඇයි?"

"ඔයාට අමතකද පෙට්..? ඔයා සාදයට ආවෙ රෙබෙකා එක්ක වගේම මම ආවේ හන්ජි එක්ක.. දැන් සාදය ඉවරවෙලත් සෑහෙන වෙලාවක් වෙනව. ඔයා සාදයෙත් නැතුව රෙබෙකාවත් එතන දාලා පැය ගානක් අතුරුදහන් වෙන එක ඔයාට ප්‍රශ්නයක් නැද්ද ජන්ග්කුක් ?"

ටේහ්‍යුන් ගෙ වචන ටික ඉවරවෙනවත් එක්කම ජන්ග්කුක් ඉබේටම ඇදෙන් නැගිට්ටා.. සී සී කඩ විසිරිලා තියන ඇදුම් දැක්කට පස්සෙයි ජන්ග්කුක් ට මතක් වුනේ තමන් ඉන්නෙ නිරුවතින් කියල. ටේහ්‍යුන් හිටියෙ කලිසම අදින ගමන්.. ලැජ්ජාවෙන් රතු වුන ජන්ග්කුක් ටික වෙලාවක් මොකුත්ම නොකර එහෙමම ඉද්දි ටේහ්‍යුන් ඔලුව උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා..

මොනතරම් බලාගන හිටියත් එපා නොවන රූපයක් එක්ක ජන්ග්කුක් තමන් ඉස්සරහ නිරුවතින් හිටගන ඉන්නව දැකපු ටේහ්‍යුන් කලිසමේ බොත්තම තද කරගන්න ගමං නැගිටල හිමීට ටේහ්‍යුන් ලඟට ආවා..

හිමීට ජන්ග්කුක් ගෙ සිනිදු කම්මුලක් අතගාපු ටේහ්‍යුන් කලබල ගතිය එක තප්පරේකට අමතක කරල ජන්ග්කුක් ගෙ නලලට හාද්දක් දුන්නා..

VOLCANO✔️Där berättelser lever. Upptäck nu