First kiss in the dressing room - 01

Start from the beginning
                                    

ලීසා අපිවත් එක්කන් උඩ පැන ගෙන ආයෙත් ගියෙ තව විනාඩි පහක් විතර වටයක් ගහන්න. කොහොමත් පැය භාගෙකින් ග්‍රවුන්ඩ් එකේ ඉන්න කිව්වට ඕක පැය වෙලා පැය දෙක විදිහට ගෙවෙන්නත් තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

අපි ගිහිල්ලා අපේ පොට් එක වුන ගහ උඩට නැග්ගා. ඒකෙ තිබ්බ මහත අතු පාත තිබ්බ නිසා නැගගන්න ලේසියි.

"ඇයි උබ හැමදාම තනියම මියුසික් රූම් පැත්තට දුවන්නෙ ඉන්‍ටවල් එකට??"

ලිලී එක පාරටම අහපි. මොන රෙද්දක්ද. දැන් ඕවා අහන්නෙ. වෙන අහන්න දෙයක් ඇත්තෙම නැද්ද? මම කොහොමද කියන්නෙ ඉන්ටවල් එකට විතරයි මට මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් බලන්න යන්න පුලුවන් ඒ නිසා මම තනියම උඩ පැන ගෙන එයාව බලන්න යනවයි කියල.

"නිකම්.. ඇලෙක්ස්ව හම්බවෙන්න.."

මම ගානක් නැතුව අරයගෙ යාලුවා ඇලෙක්ස්ව පාවලා දුන්නෙ ලිලිත් එයාව දන්න නිසා.

ඇලෙක්ස් කියන්නෙ අරයගෙ යාලුවා. එයා අපි ගැන දන්න නිසා අව්ලක් නෑ. නැත්තෙමත් නෑ. ඒත් එයා නිසා තමා මම මෙච්චර හරි අරයත් එක්ක ආදරෙන් ඉන්නෙ. එහෙමයි කියල ඇලෙක්ස් කවදාවත් එයාව අඩවන්න දුන්නෙ නෑ. එහෙම එයා ඇඩුවහම ඇලෙක්ස් කරන්නෙ මගෙ බෙල්ලෙන් අල්ලගන්න එක. ඇලෙක්ස් එයාගෙ යාලුවට එච්චර ආදරෙයි. ඒත් මම එයාට කරන විදිහෙ ආදරයක් නෙමේ ඒක. මම එයාට ඇත්තටම ආදරේ යාලුවෙක් විදිහට නෙමේ.

"අඩ්ඩෙ පරක්කු වෙලා.. "" ලීසා එක පාරටම ඉදන් උන්න අත්ත උඩින් පැන්නා.

මෙච්චර වෙලා මුන් කයිය ගැහුවත් මම නම් ඉදියෙ පැත්තකට වෙලා මනෝ පාරක් ගහගෙන.

"බෑග් තාම ඩ්‍රෙසින් රූම් එකේ නේද?"

මම ඇහුවහම පස්දෙනාම උඩබිම බැලුවා. ඊළග මොහොතෙ උන් ටික එතනින් දුවල ගියෙ මටත් නොකියා.

"එන්න.." ලිලී කෑගැහුවහම මමත් දුවල ගියා.

අපි ඩ්‍රෙසින් රූම් එක පැත්තෙ යද්දි ඒක ඇතුලෙ නිරුපද්‍රිතව තිබ්බෙ අපේ බෑග් හය විතරයි.

එව්වත් අරන් එලියට ඇවිල්ලා ටැප් පේලිය ගාව නතර වුනහම තමයි මම දැක්කෙ මම මෙච්චර වෙලා ඉදලා තියෙන්නෙ බොටමෙ ලේස් එක ගැටගහන්නෙ නැතිව කියල. ඒක දිගට දිගේ පල්ලෙහයින් එල්ලෙනවා. හරියට ඉස්සරහින් නැට්ටක් ඇව්ල්ලා වගේ.

GL STORY COLLECTION | ✧Where stories live. Discover now