මේ පොඩි එකා නම් හොදටම පැහිලා. ඔන්න අනිත් දෙන්නත් ආවා. දැන් හරිනේ අඩුවට හිටියේ මේ දෙන්නා විතරයි. මං හොබීට කියලා ගියේ වෙච්ච දේ හොයන්න එන්නේ මේ ඇම්බැට්ටයෝ තුන්දෙනාද දැන් නම් මට ගැලවීමක් ඇත්තෙම නැද්ද කොහෙද.කටක් ඇරලා කියන්න පුලුවන්යැ... මුල් දවසෙම කෙල්ලව බදාගෙන ඇඩුවා කියලා ඇත්තටම අපි දෙන්නා හැසිරුනේ කුරුලු ජොඩුව වගේනෙ... අයියෝ මේ හල්සිටවත් ගානක් නැනේ... මගේ හැගීම් හල්සී දන්නේ නැනේ... එයා දන්නවා නම් එහෙම සැහැල්ලුවෙන් මං එක්ක එයිද...නැත්තං එයත් මට ආදරේ කරයිද... ඇදේ පත්තට හේත්තු වෙලා එක කකුලක් නමා ගෙන හිටපු යුන්ගි ගැස්සිලා ගිහින් පියවි සිහියට ආවේ ඇම්බැට්ටයෝ තුන්දෙනාගේ කෑගැහිල්ලට.
😺"මොකද දැන් කැගහන්නේ මං අන්ධ ගොළු බිහිරී කියලා හිතුවද? ඇම්බැට්ටයෝ!! මොකෝ දැන් හිනාවෙන්නේ"
විහින් බාල්දි දාගන්න යන්නේ කියලා දන්න යුන්ගි ගිනි පුපුරු පනින්න ඔන්න මෙන්න තියලා අහද්දි ඇම්බැට්ටයෝ තුන්දෙනා කිව්වේ බකස් ගාලා එක පාරටම
🐯" නැ මේ අපි ඔක්කොම දැක්කා හියුන් "
🐰
🐥😺"ඔක්කොම දැක්කා කිව්වේ"
🐯"ඔව් අපිත් අද rehearsal cut කරලා රෝමැන්ටික් ලව්ස්ටෝරියක් බැලුවා හන් ගග ලග "ඇම්බැට්ටයෝ තුන්දෙනත් එක්කම පහළට දුවන් ගිය යුන්ගි නැවතුනේ ඩයිනින් රූම් එකට ගිහිල්ලා. ඇත්තටම නැවතුනාද , කොහෙත්ම නැ මොකද යුන්ගියාගේ මූන ජම්බු ගෙඩිය වගේ රතු වෙලා තිබුනේ. යුන්ගිට ඇම්බැට්ටයෝ තුන්දෙනා කිව්ව කතාවේ තෙරුම නොතේරුනා නෙවෙයිනේ.මේ කෝලම් බලලා හොබීටයි නාම් ජුන්ටයි ජින් හියුන්ටයි බක බක ගාලා හිනා ගියත් එක පාරටම නාම් ජුන් මේ කෝලම් මලූ ටිකට ඉදගන්න කිව්වේ හැමදාම බොරු කියලා rehearsal cut කරන්න බැරි හින්දා.
🐨"හොබී අද යුන්ගිට ටිකක් සනීප නැ කියලා කිව්ව හින්දා තමයි උබ ඔහොම ඉන්නේ එතකොට පොඩි තුන්දෙනාගෙන් ඇහුවොත් බඩු වගයක් ගන්න ෂොප් එකට ගිහින් එනකොට කුකීගේ ඔම්මට ටිකක් සනීප නැ කියලා කෝල් එකක් ආව හින්දා සෝල් ගියා තුන්දෙනාම එනකොට ටිකක් පරක්කු උනා... ඇහුවොත් ඔහොම තමයි කියන්නේ.... දැන් ඔක හැමදාම කරන්න බැනේ බන් උබ rehearsal කරලා පලයන් ඔන දිහාක හැබැයි පරිස්සමින් උබලට අමුතුවෙන් කියන්න ඔන්නැනේ...අනිත් එක පොඩි එකෝ ඔය අන්තිම දවස තුන්දෙනාටම කියන්නේ...ආ ඔය හොරෙන් රැට රැට මල් කඩන්න යන අනිත් දෙන්නටත් එච්චරයි...අනිත් එක හල්සී තමයි කූකීව hospital එකට අරන් ගිහින් තියෙන්නේ free time එකක් හම්බුන ගමන්ම හල්සිව හම්බෙලා තැන්ක් කරන්න කුකී.. හ්ම්ම්"
YOU ARE READING
RED ROSE 🌹
Fanfictionහීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්සීගේ කතාව 🌹🌱