"නෑ බබා අඩන්න එපා කෝ බලන්න ඔයා කැත වෙලා ඔන්න" යුන්ගී අවසාන ප්‍රයත්නය විදිහට ජිමින් දේවත්වයෙන් සලකන එයාගේ ලස්සන අරගත්තා... ජිමින් කැමති නෑ එයාගේ ලස්සන පෙම් පාට ලුක් එක කැත වෙනවට...

"මොකක් කැත වෙලා හයියෝ හයියෝ මගේ මූණ ඉදිමිලාද? ඇස් රතු වෙලාද? නෑ නෑ දෙවියනේ කෙල්ලෙක් එක්ක හවසට පාක් යන්න උන්නේ... හියුන් ඔයා ලග මේකප් බඩු තියේද? කොහෙද තියෙන්නේ? ආ අතනද?" ජිමින් අඩන එක මදකට නතර කරලා කෑ ගගහා මොකප් බඩු හොයන්න ගත්තා... යුන්ගිගේ බඩු වගයක් දාල තියෙන බොක්ස් එකක් දැක්ක ජිමින් ඒක එයාගේ මේකප් බඩු දාල තියෙන බොක්ස් එක වගේ නිසා යුන්ගිත් ඒ වගේම එකක දාලා කියලා හිතාගෙන සෝෆා එක ලග තියෙන බොක්ස් එක ලගට දුවන් ගියා...

"ආ ජන්කුක් ඔයත් මෙහෙද? What the hell you?" ජන්කුක් තාමත් කට ඇරගෙන පුලුවන් නම් තව ඒවත් ඇරගෙන බලාගෙන උන්නේ මෙතන උන සන්නිය ගැන... දහඅට සන්නිය වගේ සන්නිත් පරාදයි මේව එක්ක බලද්දී... ජන්කුක් හිත යටින් හිතුවත් කියන්න නොගියේ ඊලග පාර සුගයි, ජිමිනුයි දෙන්නම එයාට අල්ලන් ගහයි කියලා ඇති උන සාධාරණ බය නිසා... ඒත් සෝෆා එක ලගට දුවගෙන ආව ජිමින් ජන්කුක්ව දැකලා වැඩිය ගානක් නොගෙන ඉන්න ගියත් එකපාරට මීටර් උනා ජන්කුක් කියන්නේ එයාගේ හතුරාගෙත් හතුරා පරම හතුරා නේද කියලා...

"මං සේරම පැහැදිලි කරන්නම් ජිමින් මෙතනින් වාඩි වෙන්න දැන්" ජිමින්, ජන්කුක් කියන්නේ රුසියාවයි, යුක්ක්‍රේනයයි වගේ දෙන්නෙක් කියලා උනු සිද්ධි මාලාවෙන් තේරුම් ගත්ත යුන්ගී අවසානයේ ජිමින්ට කතාව කියන්න ලෑස්ති උනා... නැත්නම් මෙයාලා දෙන්නා යුන්ගිවත් මරලා දාල තමයි මේ පටලැවිල්ල ලිහා ගන්නේ...

"හියුන් ඔයා කියන්නේ මෙයාව ඔයා එදා අනතුරින් බේර ගත්තා කියලද?" කතාව සම්පූර්ණයෙන් අහගෙන ඉදලා අවසානයේ ජිමින් ඇහුවේ 'ඇයි මූව බේරගත්තේ' කියලා අහන මූඩ් එකකින්... ටේහ්යුං ජිමින්ට ජන්ගුක්ගේ කතාව කියල තිබ්බ නිසා යුන්ගිගේ කතාව තේරුම් ගන්න ජිමින්ට අමාරු උනේ නෑ... ඒත් ජිමින්ට තියෙන ප්‍රශ්නේ ඇයි මූව බේරගත්තේ?

"ඇත්තටම බේරගත්තෙ නෑ ඒත් අනතුරෙන් වෙන හානිය අඩු කරා... මෙයාට අමාරු උනා නේද ජන්කුක්" යුන්ගි ඇහුවේ ජන්කුක්ගෙන්... ජන්කුක් කල්පනා ලෝකේ ඉදන්ම ඔව් කිව්වා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now