සතර වන දිගහැරුම🌹

Start from the beginning
                                    

මං බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් ඉද්දී එතෙන්ට ආවේ හල්මෝනී. එයා ගෙදර වැඩට හිටියට පොඩි කාලේ ඉදන් මට හරිම ආදරෙයි. ඇත්තම හල්මෝනී වගේ තමයි ඉතින්. සමහර වෙලාවට මට බනිනවත් එක්ක. ඔලුවෙ අත ගහගන මේ එන විදියට මේකත් බැනුමක් අහන්න වෙන අවස්ථාවක් තමයි කියලා මට ටක්කෙටම කියන්න පුලුවන්.

👵"අයියෝ පුංචි නෝනා , පුංචි නෝනා මේ මොනාද කන්නේ? මට කිව්වා නම් මං මොනාහරි හදලා දෙනවනෙ."
🌹"ඇයි හල්මෝනී මේ හොද නැද්ද "
👵"හොද නැද්ද කියලත් අහනවා උදේට ඔහොම කාලා හරියනවද පුංචි නෝනා හොදට අවධානයෙන් වැඩ කරන්න නම් උදේට හොදට කන්න ඔනේ. මං පුංචි නෝනට කන්න kimchi හදන්න කියලා ඔය snacks කාලා හරියන්නැ පුංචි නෝනා පුංචි නෝනා ඉන්නකො මං සුටුස් ගාලා හදලා ගන්නම්"
මං ඒ වෙනකොට snacks ටික කාලා ඉවරයි. මං හල්මෝනිගේ පිටිපස්සෙන් ගිහිල්ලා අත් දෙකෙන්ම තද කරගන උරහිසට මගේ නිකට තියාගන පුංචි එකියක් වගේ හුරතල් උනා kimchi හදන්න දුන්නෙම නැ.එක කම්මුලකට හාද්දකුත් දීලයි ගියේ.🥰
🌹"ඔනෙ නැ හල්මෝනී එහෙනම් මං යනවා හල්මෝනී උම්මාහ් "
එහෙමම අතත් වනාගෙන ‍යනගමන් සාලේ වාඩි වෙලා හිටපු අප්පටත් යනවා කියාගන ගියාට මට ඒ තරම් දුරක් යන්න හම්බුනේ නැ.
👨"දෝණි මට නැ ?"
මං එහෙමම හැරිලා ගිහින් අප්පගේ නලලට හාද්දක් දීලා යනවා අප්පා කියාගන ගියා.
ඒ යනකොටත් ප්‍රියා ඇවිල්ලා නැ කියලා මට jaky කිව්වා.
🌹"jaky ඔයාට ප්‍රියා අද එන්නැ කියලා කිව්වේ නැ නෙහ්?"
🧑"නැ මට ඒ වගක් නම් කිව්වේ නැ. ඔයාට කෝල්ස් කිහිපයක්ම ගත්තා කිව්වා ආර්න්සර් කලේ නැලූ."
🌹"ආ මං බලන්නම් ඊයේ හවස හදිස්සියේම වැඩක් වැටුනා.මං යන්නම් jaky."
🧑"හරි හල්සී "
Jaky කියන්නෙත් starf member කෙනෙක්. මං කාටවත්ම කුකී ගැන කියන්න හොද නැ එහෙම උනොත් එයාට තවත් කරදර. මං ඒ නිසා කාටවත් කියන්නැ කියලා හිතාගත්තා. මං සාමාන්‍ය විදියටම මගේ වැඩ ටික කරගන හිටියා. වෙනදා වගේම ප්‍රියාගේ බඩගින්න උත්සන්න වෙලා අපි දෙන්නා ගියේ කැන්ටින් එකට මොනාහරි කන්න කියලා. මටත් මොනාහරි කන්න ඔනෙ දැන් තමයි ගෙදරින් හරියට කාලා ආවා නම් කියලා හිතෙන්නේ.ප්‍රියා රාමේයෝන් ප්ලේට් දෙකක් ඔඩර් කලා.
🌷"හල්සී ඊයේ හවස මොනාහරි උනාද? මං කෝල්ස් කිහිපයක්ම ගත්තා ආර්සර් කලේ නැ."
🌹"අනේ සොරි ප්‍රියා මට ඊයේ හදිස්සියේම වැඩක් වැටුනා.ඉතින් ඒකට ගිහින් එනකොට රැ දහයත් පහු වෙලා. මං කාලා එහෙමම නිදාගත්තා."
🌷"එහෙමද "
🌹"හ්ම්ම්ම්"
අපි කතා කර කර ඉන්නකොට ඔඩර් එක රෙඩි කරලා.රාමේයෝන් ප්ලේට් දෙකම හිස් වෙන්නම කැවා.අපි යනකොට මගේ ටේබල් එක උඩ රතු රෝස මල් පොකුරක් එක්ක චිට් එකක් තිබුනා. කාර් පාර්ක් එකට තනියම එන්න කියලයි ලියන්න තිබුනේ.

    RED ROSE 🌹                                                                 Where stories live. Discover now