"මට ටිකක් මහන්සී පපා..." කතාව මාරු කරපු ටේහ්යුං ඇති තරම් අඩන්න පපා, ඩැඩා ඉස්සරහා බැරි නිසා කාමරේට යන්න හැදුවා...

"රෙස්ට් කරන්න ටිකක් එතකොට හරියාවී" නම්ජූන් කිව්වේ කනගාටුදායක ස්වරයකින්...

"ඇයි ඔයා අනිත් කාරණාව නොකිව්වේ?" ටේහ්යුං කාමරේට ගිහින් දොර වහන සද්දේ ඇහෙනකංම බලාගෙන උන්න ජින් නම්ජූන්ගෙන් ඇහුවේ එයා ටේහ්යුංට කතාවේ අන්තිම හරිය නොකිව්ව නිසා...

"ටේහ්යුං දැනගත්තොත් ජන්ගුක් කියන්නේ දැන් කවුද කියලා එයාට තවත් ඕක බලපාන්න බැරි නෑ... දැනට නිශ්ශබ්දව ඉන්න එක තමයි හොද" ජන්ගුක් කලින් හොද උනත් එයා දැන් ඉන්න තත්වය ගැනත් දන්න නම්ජූන් එහෙම කිව්වේ ජන්ගුක් කියන්නේ දැන් එසේ මෙසේ කෙනෙක් නොවන නිසා... ටේහ්යුංට පවා එයා කරදරයක් නොකරයි කියලා කියන්න බෑ මොකද ජන්ගුක්ට මතකය අහිමි වෙලා... ඉතින් නිශ්ශබ්දව ඉන්න එක හොදයි...

"එහෙම කරමු"







"අම්මට යුන්ගියා..." පාර්ක් මැන්ශන් එකට ගියපු යුන්ගිව ඒ විදිහට පිලිගත්තේ වෙන කවුරුත් නෙවෙයි යුන්ගිගේ අතිජාත මිත්‍රයා හෝසොක් එහෙමත් නැත්නම් හොබී... යුන්ගිගේ පුංචි කාලේ ඉදලා හොදම යාලුවා...

"හොබී හුග කාලෙකින් නේද?" කාටවත්ව අඩුම ජන්කුක්ටවත් මිත්‍රශීලී නැති යුන්ගී එහෙමත් නැත්නම් සුගා එයාගේ හොදම යාලුවා ලගදි නම් ගොඩක් මිත්‍රශීලී කෙනෙක් උනා... කරට අත් දාගෙන දෙන්නම කියව කියව ගේ ඇතුලට ගියා... යුන්ගී මාෆියා වැඩ කරනවා කියලා හොබී දන්නවා ඒත් එයා ඒවට මුකුත් කියන්නේ නැහැ... ඇත්තටම කියලත් වැඩක් නෑ කොච්චර හොද යාලුවෙක් උනත් යුන්ගී කවුරුත් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි... ඉතින් නොකියා ඉන්න එක හොදයි...

යුන්ගී හොබී දෙන්නා ආගිය තොරතුරු කතා කරද්දී නොන්ඩි ඇන ඇන එතනට ආවේ වෙන කවුරුත් නෙවෙයි හොබීගේ මල්ලී අපේ වීර ජිමින්... එයා ජන්කුක්ගෙන් ගුටි කාපුවගේ තුවාලත් තවම හොද වෙලාවත් නැති තැන තවමත් එයාගේ තැලුම් පවා නිල් පාටයි... ජිමින්ව දැක්ක හැටියේ යුන්ගිට හිනා ගියා... ඒත් අමාරුවෙන් උනත් ජිමින් එරෙව්වාම යුන්ගී හිනාව නතර කලා...

MY JUNG-K HAS CHANGED|TK| ✔Where stories live. Discover now