31 Bless ✨

334 38 23
                                    

" සිටිනු," සිර කුටියෙන් මිදී මඳ දුරක් යන විට එක්වරම නැවතුණු යූන්ගි කීවේය.

"කුමක්ද?" සූබින් විචාලේ වටපිට හැරී බලමිනි.

"අර සොලේෂස් විසින් සිර කොට සිටින අයව අපි නිදහස් කළ යුතු නොවේද?" යූන්ගි ඇසුවේ යම් උමං මාර්ගයක් ලෙස පහළට විහිදුණු යම් තැනක් පෙන්වමිනි.

"ඔවුන්? ඔව්, නමුත් එය සිදුකිරීමට මා සතුව සැලැස්මක් තිබෙනවා. එක ගලකින් පක්ෂීන් දෙදෙනෙක් අල්වා ගන්නවාක් මෙන් එය සිදුකළ හැකි වේවි." සූබින් නැවත පිළිතුරු දුන්නේ හිස කසමිනි.

"කුමක්?" නම්ජූන් ප්‍රශ්න කළේය.

"ඔබ බිය වන්නට හෝ කරදර වන්නට අවශ්‍ය නැහැ. මා සතුව ඔබලා බේරා ගැනීමට මෙන්ම ඒ තැනැත්තන්ව බේරා ගැනීමටද ඇත්තේ එකට ඈඳුණු සැලැස්මක්. ඔබට ඇත්තේ බලා හිඳීමට පමණයි." සූබින් නම් තරුණයා තම වළ ගැසෙන කම්මුල් පෙන්වා සිනහසුණේය.

"හොඳයි එසේනම්, ඔබ දැනගත යුතුයි මා කිසිසේත් යමෙකු පහසුවෙන් විශ්වාස නොකරන බව. නමුත්, මාගේ සිත මෙවර පවසනවා ඔබව විශ්වාස කරන්න කියා." නම්ජූන් නැවත ඉදිරියට ඇදී යමින් කීවේය.

"අප යා යුත්තේ කොයි දෙසටද?" නම්ජූන් පසුපසින් ගමන් කළ ජින් නැවතී ඇසුවේ ඔවුන් ගමන් කරමින් සිටි උමඟේ දෙපසකට විහිදුණු උමං මාර්ග දෙකක් වූ නිසාවෙනි.

"ආහ්! නැවතත් උමං මාර්ගයක් කොටස් කිහිපයකට බෙදා අප ඉදිරියට එවලා. මම කිසිසේත් මෙයට කැමැත්තක් නැහැ." හෝසොක් මැසිවිලි කියන්නට විය.

"දකුණු පසින් පිටත කැලෑව වෙතට පහසුවෙන්ම යා හැකියි. අනෙක් පසින් ගියහොත් සොලේෂස්ගේ සිංහාසන ශාලාව අසලට ද්වාරයක් විවෘත වනවා." සූබින් පැහැදිලි කළේය.

"එසේනම් අප වම් පසින් ගමන් කරමු." සියල්ලෝ වෙත නෙත් හෙලා නම්ජූන් ප්‍රශ්න කළේය.

"ඒ කුමකටද? ඔබලාට මෙතැනින් නිදහස් වී යාම නොවේද ඇවැසි වන්නේ?" සූබින් වියවුලක පැටලී ඇති සෙයකි.

"අපි මෙහි පැමිණියේ යම් හේතුවකට? එසේ නොවේද?" යූන්ගි හෝසොක් දෙසට හැරුණේය. "හෝසොක්, ඔබේ සූර්ය සලකුණ ලබාගත යුතු නොවේද? මොහු මෙහි සිට සූර්ය සලකුණ පෙන්වමින් අසාධාරණ පාලනයක් ගෙන යනවා. ජනතාව සතුටින් මෙන් පෙනුණත් මාලිගාවේ බිම් මහල අපායක් මෙන්. එමෙන්ම වහලුන්ද. එය නුසුදුසුයි. සූර්ය සලකුණේ අයිතිය නැවතත් සූර්ය ලොවටම ගෙන යා යුතුයි. මා හට කිරුළ අහිමි වූවාක් මෙන් ඔබටද එසේ වනු දැකීමට මා කැමති නැහැ හෝසොක්. එම නිසා අපි ඔබේ සූර්ය සලකුණ නැවත ලබා ගැනීම සඳහා එහි යා යුතුමයි."

Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Where stories live. Discover now