23 Bless✨

165 45 19
                                    

"අපගේ ගමනේ එක් නැවතුම්පොළක් මෙය." ජින් හඬ අවදි කළේය. "නොවෙද? අප සැමටම මෙහි පැමිණීමටනේ මුලින් ඇවැසි වූයේ?"

‍"සැබෑවක්. නමුත් මා මෙහි ඒමට හේතු වූ කාරණය දැනටමත් ඉටුව අවසන්. ඒ ඔබලාව මුණගැසීමයි." නම්ජූන් සතුටින් පැවසුවේය.

"නිවැරදියි. මගේ අරමුණ වූයේත් එයමයි." ජින්ද පැවසුවේය.

"මාගේ අරමුණ වූයේ ශාපලද්දා සොයාගැනීමනේ. එයට පහසුවක් වේයැයි සිතූ නිසයි මාත් මෙහි ඒමට තීරණය කළේ. නමුත්, ඊට පෙරම අපි මුණගැසුණා." යූන්ගි ජිමින් දෙස නෙත් හෙලමින් කීවේය.

"මටත් ඇවැසි වූයේ ටේහ්‍යුන්ග්ව සොයාගැනීමයි. ඉතින්, අප මේ එය නොවෙද කරනුයේ?" ජිමින් යූන්ගිට මඳක් ඔරවමින්ම කීවේ ඔහුට ශාපලද්දා යැයි ඇමතූ නිසා විය යුතුය.

"මා හට නම්,කිසිදු අරමුණක් වූයේත් නැහැ. නමුත් අරමුණක් ලෙස කුමක්ම හෝ තිබිය යුතු නිසායි මා තීරණය කළේ මෙහි පැමිණීමට." ජන්ග්කුක් තම පියාපත් මඳක් ගසා දමමින් කීවේය. ඔහු යදම් ලා බැඳ දමා තිබූ දින පටන් ඔහුගේ පියාපත්වල යම් හිරිවැටීමක් ඇතිව තිබෙන බව ඔහුට හොඳින්ම දැනුණි. මුලදී වේදනාවක් හෝ ඔහුට දැනුණා වුවත්, දැන් වේදනාවවත් දැනෙන්නේ නැත. පෙනෙන ආකාරයටනම්, ඇම්බ්‍රෝසියාවලටවත් ඔහුගේ ආබාධය සුව කළ නොහැකි සෙයකි. ඇතැම් විට, දින ගණනාවකින් පියාපත් භාවිතයෙන් පියාසර නොකිරීම එයට හේතුවක් විය හැකිද?

"නමුත්," පසෙකට වී කල්පනාවේ යෙදී සිටි හෝසොක් හඬ අවදි කළේය. "මාගේ එක් අරමුණක් තවමත් ඉතුරුව තිබෙනවා. පියාණන් මා මෙහි එවූ ප්‍රධානම කාරණාව එයයි. නමුත් ඒ සඳහා මා නගරය තුළට යා යුතුයි. ඔබලාත් පැමිණෙනවාද?" ඔහු තම සගයින් දෙස බැලුවේය.

"නමුත්, කුමක්ද එම අරමුණ හෝසොක්?" නම්ජූන් විමසිලිමත්ව විමසුවේය.

"මා සූර්ය රාජධානියේ යුවරජුයි. රජකම ලබා ගැනීමටනම්, සූර්ය සලකුණ මා සතු විය යුතුයි. නමුත් එය ලබාදිය හැක්කේ මෙහි සිටින සූර්ය පරපුරෙන් පැවතෙන තවත් විශේෂ පිරිසකට පමණයි. ඉතින් එය ලබාගැනීමටනම්, මා එහි යා යුතුමයි. ඔබලාත් පැමිණෙනවානම් මාගේ අකමැත්තක් නැහැ. නමුත්, ඇතැම් විට නුඹලාට ආපදාවක් විය හැකියි. එනිසා ඔබලා මෙහි නවතින්න."

Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Where stories live. Discover now