19 Bless ✨

196 52 71
                                    

"මෙහි කෙතරම් දුරක් අප යා යුතුද? දැන් බොහෝ වෙලාවක් තිස්සේ අප නොනැවතී ගමන් කරනවා. ඒ මදිවාට මෙහි හැරීමටවත් ඉඩක් නෑ." ජිමින් මැසිවිලි නඟන්නට වූයේ මෙහි හෝරාවකට අධික කාලයක් පුරාවට ඔවුන් දිගින් දිගටම ඇදී ආ නිසයි.

"මා දන්නේ නැහැ. නමුත් අපට ඇවිද යාමට තවත් දුර තිබෙන හැඩයි." ඔඔහුට ඉදිරියෙන් සිටි ජන්ග්කුක් පිටුපස හැරී කීවේය. පිළිවෙළින් යූන්ගිත්, ඉන්පසු හෝසොක් , ජන්ග්කුක්, ජිමින්, ජින්, නම්ජූන් සහ හෝරස් ලෙස ඔවුන් ගමන් කරමින් සිටියහ. වාසනාවකට මෙන් අසෙකුට ගමන් කළ හැකි තරම් ඒ මාවත පළල් විය.

""අපි මේ යන අතරමඟ ඇයි ඔබ කවුරුන් හෝ ඔබේ කතාව නොකියන්නේ? මෙහි පැමිණීමට හේතු වූ කාරණාවන් ගැන? අපි දැන් ජිමින් සහ යූන්ගිගේ කතාවන් දන්නවා නොවෙද? එමෙන්ම මගෙත්. ඉතින් ඔබලාත් කියන්න." නම්ජූන් ආරාධනා කළේ ඇත්තෙන්ම එලෙස නිකරුණේ ගමන් කිරීම කාලය නාාස්තිකිරීමක් මෙන් හැඟුණු නිසයි.

"හොඳයි එසේනම්, මා කියන්නද? එයත් නම්ජූන්ගේ කතාවට මඳක් සමානයි." ජින් ඇරඹුවේය. "අනික් අයත් ගමන් කරමින් කරමින්ම ඔහුගේ කතාව ඇසීමට සූදානම්වය.

"මම කිම් සොක්ජින්. අර්ධ ලෝහිතයෙක්. මුහුදට අධිපති පොසෙයිඩන් දෙවියන්ගේ පුත්‍රයෙක්. මම හිටියේ අර්ධ ලෝහිත කඳවුරේ. ඒ වගෙම මම මේ කාලයට අයිති කෙනෙක් නොවෙයි. මමත් නම්ජූන් මෙන්ම ක්‍රිිිිි වර්ෂ 2026න් ආපු කෙනෙක්. එයින් අදහස් කළේ අපි දෙදෙනාම එකම කාලවකවානුවේ. අර්ධ ලෝහිත කඳවුරේදී ඔරැකල් විසින් කියූ අනාවැකියක් වෙනුවෙනුයි මා මෙහි ආවේ. කාල යන්ත්‍රයක් හරහා. ඉතින්, ඒ තුළින් පැමිණ මා අවසානයේ මේ බැබිලෝනියාවටයි පැමිණ තිබුණේ." ජින් කියා සිටියේ තම මුවගට සිනහවක් නඟා ගනිමිනි.

"අනාවැකියක්? නමුත් කුමන ආකාරයේ එකක්ද? අනෙක් අතට, අනාවැකියක්නම්, එය සිදුවිය යුත්තේ අනාගතයේදීයි. නමුත්, ඔබ කුමක්ද අතීතයේ කරන්නේ?" තමාට පැනනැඟුණු ගැටලුව ජිමින් ඉදිරිපත් කළේය.

"මා දන්නේ නැහැ. නමුත්, මා ආවේ මෙහාටයි. වසර පන්දහසක් පමණ අතීතයට." ජින් පැවසුවේ උරහිස් හකුළුවමිනි.

Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║حيث تعيش القصص. اكتشف الآن