12 Bless✨

190 54 17
                                    

"ජිමිනාහ්! ඔයා හොඳින්ද?" ජින් ඇසුවේ නැවතත් පියවි සිහියට එළඹෙමින් සිටි ජිමින්ගේ මුහුණට එබෙමිනි.

"ආහ්, මගේ හිස බොහෝ රිදුම් දෙනවා." ජිමින් තම හිස අල්ලාගනිමින් කීවේය. "‌කුමක්ද සිදුවූයේ?" ඔහු ඇසුවේ කිසිවක් සිහිපත් කළ නොහැකි වූ තැනය.

"ඔබ පෙර වතාවේ මෙන්ම එක්වරම කෝපයට පත්වුණා. ඊට පසු අමුතු කටහඬක්. ඊටත් පසු ඔබ දිග වාක්‍යයක් කිව්වා. ඉන්පසුව නැවතත් සිහිවිසඥ වුණා." ජන්ග්කුක් එසේ කියා ඔහු වෙත ජල බහාලනයක් දුන්නේය.

"අමුතු කටහඬක්? වාක්‍යයක්? කුමන වාක්‍යයක්ද?" ජිමින් නැවත ඇසුවේ ඔහුට කිසිවක් හරිහැටි සිහිපත් නොවූ නිසාය.

"ඔබ කිව්වා- අකුණින් උපන් දෙසොහොයුරෝ-" හෝසොක්ට තම වැකිය අවසන් කිරීමට ඉඩ නොලැබුණේ ජිමින් එයට බාධා කළ නිසාය. ඔහු හිඳ සිටි තැනින් නැඟිට සිටියේය.

" අපි යමු දැන්ම.ඒ වැකිය අමතක කරන්න. එය වැදගත් දෙයක් නොවෙයි." ඔහු තම ගමන් මල්ල කරෙහි ලා ගනිමින් කීවේය.

"ඒත්, ජිමින්, ඒ වැකියේ තිබුණු ගොඩක් දේවල් අපි පෙර ඇසූ සියලුම අනාවැකිවල කරුණුවලට බෙහෙවින් සමානයි. ඔබ කෙසේද එවැනි අනාවැකියක් පිළිබඳව දන්නේ? අපිත් මේ ගවේෂණයේ කොටස්කරුවෝ. එනිසා ඒ ගැන දැනගැනීමට අපටත් අයිතියක් තිබෙනවා." ජින් කෑ ගසා කීවේය.

"සමාවෙන්න ජින්, නමුත්, මට දැන්ම ඒ ගැන ඔබලාට පැවසිය නොහැකියි. තවමත් එයට කාලය නොවෙයි. මම හිතන්නේ දැන් අපි ගියොත් හොඳයි‍." ජිමින් සැවොම දෙස බලමින් කීවේය.

"නමුත්, මඳක් ඉන්න, ගවේෂණයකට නායකයෙක් අවශ්‍යයයි. අපි මුලින්ම නායකයෙක් තෝරාගත යුතු නැද්ද?" ජින් ඇසුවේ සැමගේ අවධානය ඔහු වෙතට ගනිමිනි.

"ඉතින් දැන් කවුරුන්ද මෙහි නායකයා වීමට කැමති. මටනම් කිසිදු උවමනාවක් නැහැ." යූන්ගි කියා සිටියේ තම දෑත හරහට බැඳගෙන අසල ගසකට හේත්තු වෙමිනි.

"නැහැ. ඔබ වැන්නෙනෙකුට නායකත්වය හිමි වීම නම් විශ්වාස කළ නොහැකියි. ඔබ පහුගිය හෝරා කිහිපයේත් කළේ ඔය ගල මත හාන්සි වී හොඳහැටි සැතපී සිටීම පමණයි. ඔබ නායකයා කළහොත් අපටත් හැකියි ගවේෂණය පසෙක දමා හොඳින් සැතපීමට" හෝසොක් කීවේ මහ හඬින් සිනහවෙමින්ය. තම සිනහවත් ජින්ගේ බඳුන් පිස දමන සිනහවට නොදෙවෙනි බව ඔහු තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි.

Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Where stories live. Discover now