05 Bless✨

263 58 141
                                    

Cause I-I-I'm in the stars tonight
So watch me bring the fire and set the night alight (hey)
Shining through the city with a little funk and soul
So I'ma light it up like dynamite, whoa oh oh

Dy-na-na-na, na-na, na-na-na, na-na-na, life is dynamite
Dy-na-na-na, na-na, na-na-na, na-na-na, life is dynamite
Shining through the city with a little funk and soul
So I'ma light it up like dynamite, whoa oh oh

Dy-na-na-na, na-na, na-na, ayy
Dy-na-na-na, na-na, na-na, ayy
Dy-na-na-na, na-na, na-na, ayy
Light it up like dynamite

තරුණයෙක් තම ප්‍රියතම ගීතයක් මහ හඬින් මුළු පළාතටම ඇසෙන්නට කෑ ගසා ගායනා කරමින් ඉදිරියට යයි. හඬ මඳක් වැඩි වුවද තම හඬද තම මුහුණ තරමටම අගනා බව ඔහු හොඳින් දැන සිටියේය.

------------------------------------

නිල් කොළ පැහැ දෙනෙතක් හිමි කඩවසම් තරුණයෙක් බැබිලෝනියාවේ ජන ශුන්‍ය වැලි මාවතක උඩ පැන පැන තාලයට ගීතයක් ඉදිරියට යයි. 'නමුත් ඔහු ඒ භාවිත කරන භාෂාව කුමක්ද?' හෝසොක් කල්පනා කළේ එය ඔහු මෙතෙක් දැනසිටි ඇතිනියානු භාෂාවට වඩා හාත්පසින්ම වෙනස් එකක් වූ නිසාවෙනි.

"Smooth like Butter...
Like a criminal undercover... නෑ නෑ දැන් ඉංග්‍රීසි සින්දු කිව්වා ඇති. වෙන එකක් ට්‍රයි කරමු.

Bultaoleune!
Fire.... -
අයිගෝ මේ වගේ වෙලාවක වචන ටික මතක් වෙන්නෙත් නෑ දෙයියනේ... මෙහෙ බල්ලෙක්වත් නෑනේ. කයිරොන් කියපු හැටියට ආවට ඉතින්, දැන් ඉස්සෙල්ලම මනුස්පයෙක් ඇහැට දකින්න එපාය. දැන් දවස් දෙකක් වෙලත් කිසිම හෝඩුවාවක් නෑ. ‌මොන බනානා ෆ්ලවර් එකකටද මං මේක බාරගත්තේ. ඒකත් අවුරුදු පන්දාහක් විතර ආපස්සට එන්න?" ඔහුු මහ හඬින් කෑ ගසා කියන්නට විය.

මේ පුද්ගලයා උඩ පැන පැන යමින් මේ කියන වදන් වටහාගැනීමට නොහැකිව හෝසොක් කබලෙන් ලිපට ඇද වැටුණි. ඔහු සිතුවේ මේ පාළු කාන්තාරයේ සිටින්නේ ඔහු පමණක් බවය. නමුත් දැන් මඳක් ඈතින් වැටී ඇති මාර්ගයේ තවත් කොලුවෙක් ගී ගයමින් තමන්ට නොතේරෙන වදන් මුමුණමින් ඉදිරියට ඇදෙයි. ඔහු මේ සියල්ල දෙස බලා සිටින්නේ තමා ආ අතරමඟ වෙහෙස නිවා ගැනීමට මඳක් විවේකයෙන් සිටීමට තෝරාගත් වෘක්ෂයක් පාමුල සිටය. ඔහුට මාවත හොඳින් පෙනේ. වංගු රහිත ඍජු මාර්ගයක් වූ එහි සෑහෙන දුරක් යන තුරු හොඳින් දැක ගැනීමට ඔහුට හැකිවිය. නමුත් අර පුද්ගලයාට ඔහුව තවමත් ඇසට හසු වී නැති සෙයකි. ඔහු ඔහුගේ ලෝකයේ සිහින මවමින් ඔහේ ඉදිරියට ඇදෙයි.

Either Curse Or Bless?║ᵇᵗˢ ᶠᵃⁿᶠⁱᶜᵗⁱᵒⁿ (ᶠᵃⁿᵗᵃˢʸ)║Where stories live. Discover now