" යුන්.. "
කොල්ලා සාලේ ඉදන් කතා කලත් කිසිම ප්‍රතිචාරයක් නැති උනාම නම් එයාගේ මූණේ තිබුනු හිනාව මැකිලා ගියා...

" ප පණ... ය් යුන්.... ඔයා ඉ ඉන්නව නේද.... "
ගැස්මත් එක්කම කොල්ලා ඉනත් අතකින් මිරිකගන kitchen එකට ගියේ ඇවිදින වාරයක් ගානේ මැහුම් ඇදෙද්දි දැනුන වේදනාවට වඩා හිතේ ඇති උන බය වැඩි නිසා...

සාලේ වගේම Kitchen එකෙත් එයා බලාපොරොත්තු උනු කෙනා හිටියේ නැති උනාම කොල්ලගේ පපුවේ අමුතු හිරියක් ගියේ තමන්ට හිතෙන දේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්....

" අන්ද්වේ යුන්... ආනී අනේ යුන්... කෝ ඔයා... "
එන්න එන්නම කොල්ලට පෑරෙන තුවාලේ අමතක වෙන්න ගත්තා.. කොර ගගහා එයා මුලු ගේ හැමතැනම ගියේ අඬ අඬා කෙල්ලගේ නම කෑගගහා..
ඒත් කිසිම පිළිතුරක් ලැබුනේ නෑ....

" අනේ පණ... ඔයා මාව දාලා ගියාද යුන්... "
පඩියක් උඩ ඇද වැටෙන ගමන් කොල්ලා කදුළු හල හල අත්වැටට ඔලුව තියා ගත්තේ කෙල්ල ගෙදර නෑයි කියලා තේරුන නිසා...

" දෙයියනේ ... අහ්.. අනේ යුන්.. මට රිදෙනවා... අනේ ඇයි පණ මේ ... අනේ මාව දාලා ගියාද ඔයා..

ඇයි දෙයියනේ අපිට මෙහෙම වෙන්නේ.... "
කොල්ලා ආයෙත් කදුළු හල හල එතනින් නැගිට්ටේ සාලේ මේසේ උඩ තිබ්බ phone එක ගන්න...

ඒ හැරෙනවත් එක්කම එයා දැක්කේ kitchen එකේ මේසේ උඩ තිබ්බ භාජනේ....

ඉනත් අල්ලගන කොල්ලා වැටි වැටී දිව්වේ මේසේ ලගට...
එතන තිබුනේ පොඩි ප්ලාස්ටික් භාජනයක් තව කොල ටිකකුත් එක්ක ... කොල්ලා ඉක්මනට භාජනේ පියන ඇරියා...

ඒකේ තිබුනේ සුප් එකක්... තවමත් රස්නේ රැදිලා තිබුන සුප් භාජනේ දැක්කම කොල්ලට හිර කරන් හිටිය ඉකිය පාලනේකින් තොරවම පිට වුනේ මේසෙට හේත්තු වෙලා එයා කෑගහලා අඩද්දි....

ඒ එක්කම එයා අතට ගත්තේ භාජනේට යටින් තිබුනු කොල ටික...

" Divorce Papers ... ? "
කදුළු හල හල එයා ඒකේ හැම කොලයක්ම පෙරලුවා... මේසේට හේත්තු වෙලා එයා ඔක්කොම කොල පෙරලලා අන්තිම කොලේ බැලුවේ ලොකු චකිතයකින්....

" අනී..... හ් අනියා.. අනේ යුන්.... "
කොල්ලගේ අතින් කොල ටික මේසෙ උඩට අතෑරුනෙ කෑගැස්සිලා....
එයාගේ හීනි දිග ඇගිලි ඇතිල්ලුනේ ඒ අන්තිම පිටුවේ අගින් තිබුනු කෙල්ලගේ අත්සන උඩ...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now