❤️ Chapter 15❤️

298 72 24
                                    

"ඔම්මයි අප්පයි කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ.ඔම්මා මොකක්ද කලින් කිව්ව කතාවෙ තේරුම ? ඇයි ඔයාලගෙන් එක්කෙනෙවත් කතා කරන්නෙ නැත්තෙ.ඔයාල මොනාද මගෙන් හංගන්නෙ කියන්න.යුවී මගෙ කවුද ? "

දියා තමන්ගෙ ඔම්මගෙයි අප්පගෙයි මූණවල් දිහා බලන ගමන්  එහෙම ඇහුවත් කවුරුවත් උත්තර දුන්නෙ නෑ.අන්තිමට කතා කරේ දියාගෙ අප්පා .

"දුව අපි කියන දේ අහලා ඔයා කලබල වෙන්න එපා .අපි ඔයාට වැරැද්දක් කරේ කියල තමා ඔයා හිතන්නෙ.ඒ වෙලාවෙ මට කරන්න දෙයක් තිබ්බෙ නෑ දුව.යුවී කියන්නෙ ඔයාගෙම දුව කියන එක ඇත්ත.තවත් මේක ඔයාගෙන් හංගන් ඉදල වැඩක් නෑ."

"ඔයාල මොනාද කියන්නෙ අප්පා.යුවී කොහොමද මගෙ දුව වෙන්නෙ ඔයාලම නේද එදා කිව්වෙ මගෙ බබා නැති වුනා කියලා.දැන් මොනාද මේ කියන්නෙ."

දියා එහෙම අහද්දි දියාගෙ ඔම්මා දියා ලගට ගිහින් දියාගෙ අතින් අල්ලගත්තා .ඒ වෙලාවෙ තමා දියාගෙ අප්පා ආයෙත් කතා කරන්න ගත්තෙ .

"එදා අපි ඔයාට ලොකු බොරුවක් කිව්වෙ දුව.ඔයාගෙ බබාට මොනවත් වුනේ නෑ.ඩිලිවරි එකේදි බබා නැති වුනේ නෑ.යුවී කියන්නෙ ඔයාගෙම දුව.මගෙයි ඔම්මයි එකම මිණිබිරී .එදා මගෙ අතින්ම තමා මම යුවීව අජුම්මට දුන්නෙ හදාගන්න කියලා.ඔයාගෙ ඔම්මා වුනත් ඇත්ත දැනගත්තෙ මීට අවුරුදු දෙකකට කලින්"

දියාගෙ අප්පා එහෙම කිව්වෙ බිම බලාගෙන.කෙල්ලගෙ අප්පට කෙල්ලගෙ මූණ දිහා බලන්න තරම් හයියක් තිබ්බෙ නෑ.

"මොකක්ද ඔයාල මේ ? නෑ ඒක වෙන්න බෑ.ඔයාල එදා කිව්වා.එතකොට ඒ ඔක්කොම බොරුවක්ද ? මගෙ දුව මැරුනෙ නෑ.ඇයි මට බොරු කිව්වෙ.අඩුම මට ඇත්ත කියන්න තිබ්බා.මම කලින්ම කිව්වනෙ අප්ප මම මගෙ දරුවව හදාගන්නවා කියලා.ඇයි මෙහෙම දෙයක් කරේ.අජුම්මා ඔයා ඔම්ම කෙනෙක්නේ.ඇයි ඔය දෙන්නත්.ඇයි මගෙ දරුවව මගෙන් වෙන් කරේ.මන් මොනතරම් වේදනාවක් වින්දද කියලා ඔයාල දන්නවනේ.ඇයි මෙහෙම දෙයක් කරේ."

ඒ වෙලාවෙ දියාගෙ ඇස් වලින් කේන්තියට වගේම දුකටත් කදුලු ආවා.

"මට උත්තර දෙන්න අප්පා.ඇයි එහෙම දෙයක් කරේ ? "

"මොකද මන් අප්පා කෙනෙක් හින්දා දියා.මම ඔයාගෙ අප්පා.මන් එදා තෝරගත්තෙ මගෙ දුවව නැතුව මිණිබිරීව නෙමේ.එදා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.ඔයා හොදටම දන්නවා දුව අපි එහෙම කරන්න හේතුව.එදා ඔයා හිටපු තත්වෙත් එක්ක ඔයාට දරුවෙක් බලාගන්න බෑ.ඒකයි මම එදා එහෙම දෙයක් කරේ.ඔයාට එතකොට යුනිවර්සිටි එකේ ෆයිනල් year එකේ ස්ටුඩනට් කෙනෙක්.අනික් ඔයා දන්නව නේද දියා මැරේජ් එකක් වෙන්නෙ නැතුව ඉපදෙන දරුවට මොන වගේ කතාද මිනිස්සු කියන්නෙ කියලා.අනික ඔයාට මොන වගේ දේවල්ද කියන්නෙ.ඔයාව බූසාන් වල යුනිවර්සිටි යවලා නිවාඩුවට ගෙදර එද්දි ඔයා ඔම්මා කෙනෙක් කියලා දැනගත්තම අපිට මොන වගේ දුකක් දැනුනද කියන්න ඔයා හොදටම දන්නවා.අපි ඔයාගෙන් කොච්චර ඇහුවත් කවුද එහෙම දෙයක් ඔයාට කරේ කියලා ඔයා මොනවත් කිව්වෙ නෑ.ඔයා මට ඒක කිව්වනම් මන් ඌව ඉතුරු කරන්නෙ නෑ.අපිට වඩා ඔයා වේදනා වින්ද කියන්නත් මන් දන්නවා දියා.ඔයාට තවත් වේදනා විදින්න දෙන්න ඕනේ නැති හින්දයි එදා මන් එහෙම දෙයක් කරේ.ඔයාගෙ අප්පා හැටියට මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ.අනික මට මගෙ ඉමේජ් එක වැදගත් දියා.ඔයා හොදටම දන්නවා මන් අද මේ වගේ තැනක ඉන්න හේතුව.මන් ගොඩක් කැප කිරීම් කරලා තියෙනව.ගොඩක් දේවල් අත ඇරල තියෙනවා.මගේම අත් වල ලේ ගෑවිලා තියෙනවා.
මීට අවුරුදු විසිහතරකට කලින් මගෙ ඉමේජ් එක නැති වෙන්න ගියත් මන් ඒක නවත්ත ගත්තා.මන් යේහාට මගෙ සර්නේම් එක දුන්නා.
මෙච්චර කාලයක් මහන්සි වෙලා හදාගත්ත ඉමේජ් එක මට ඔයා නිසාවත් කවුරු නිසාවත් නැති කරගන්න බෑ.මන් මගේ බිසනස්මන් කෙනෙක්ගෙ දුවෙක් මැරි කරන්න කලින් ප්‍රෙග්නට් වුනාම මිනිස්සු මොන වගේ දේවල් කියද්දි ආ.මගෙ බිසනස් නැත්තටම නැති වෙන්න තිබ්බ.මන් ඔයාට වැරැද්දක් වෙන්න ඇති කරන්න ඇත්තෙ.ඔයා එහෙමනෙ හිතන්නෙ.මට එදා මගෙ ඉමේජ් එක වෙනුවෙන් කරන්න දෙයක් තිබ්බෙ නෑ. "

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Where stories live. Discover now