4

233 92 64
                                    

උදේම අපිළිවලට තිබුණු ජෝන් මන්දිරේ පිරිසිදු කරන්න ගත්ත ජින්ට ජන්කුක් ගේ ජිමින්ගේ පරණ ඇල්බම් එකක් හම්බඋන නිසා ජින් පැයක් විතරඇල්බම් එක දිහා බලාගෙන අඩනවා . ජින් එක්ක ආදරෙන් හිනා වෙලා නැති ජන්කුක් ඒ පින්තූර වල ජන්කුක් හිනා වෙලා ඉන්න විදිය දැක්කම පුංචි කේන්තියක් වගේම හිත් රිදීමකුත් හිතේ ඇති උනා..

අපි හැමෝම කැමති අපේ ආදරේ අපිත් එක්ක හිනා වෙනවට කතා කරනවට. ඒත් ජන්කුක් ගේ හිනාව අතුරුදහන් වෙලා තියෙන එක නිතරම වගේ ජින්ට දුකක් උනා

මේ අතරේ ජන්කුක් ජින්ව හොය හොය මන්දිරේ පුරා ඇවිදිද්දී ජිමින් ජන්කුක් ගේ සුදූ පාට කමිසේ කොනකින් අල්ලාගෙන කපුරු මල් මීටත් පපුවට බදාගෙන ජන්කුක්ගේ පිටිපස්සේන් ආවා. ඒත් කපුරු මල් වල වෙනසක් තිබුනා.

ජන්කුක් දැක්කා ජින් බිම ඉදගෙන අඩනවා..

"ජින්.. ජිනී... ඇයි අඩන්නේ.."

ජන්කුක් ජින් ගාවට ගිහින් අහනකොට ජින්  ඇල්බම් එක ජන්කුක්ට දුන්නා..

"මේ එයාද ජන්කුක්..."

"හ්ම්ම් මේ එයා තමයි.."

ජන්කුක් ජිමින්ගේ පින්තුරයක් පුරා ඇගිලි ගෙනියන ගමන් කිව්වා.

"ඔයා තාම මේ මැරිච්ච කොල්ලට ආදරෙයිද ජන්කුක්.."

එදා ජිමින්ට ජින්ව එයාගේ ආදරේ මැදට ආපු කෙනෙක් වගේ පෙනුන විදියටම අද ජින්ටත් ජිමින්ව පේනවා. අපි හැමෝම ආදරේට ලෝබයි

ජන්කුක් නිහඩව බලාගෙන හිටියා..

"බලාගෙන ඉන්න එපා ජන්කුක්.. කියන්න.."

"ඔව් මම ආදරෙයි.. මහා ගොඩක් ආදරෙයි.."

ජන්කුක් අතේ තිබුණු ඇල්බම් එක විසික් කරලා කෑ ගහපු පාර ඇල්බම් එක ජිමින්ගේ කකුල් දෙක ඉස්සරහට වැටුනා..

"ඔව් මම ජිමින්ට ආදරෙයි.. එයයි මගේ හිතට ආදරේ කරන්න ඉගැන්නුවේ.."

ජන්කුක් වචන ඇහෙනකොට ජිමින්ගේ ගැහෙන්නේ නැති හදවතට පුදුමාකාර වේදනාවක් ආවා..

"මට ආදරේ නැද්ද ජන්කුක්.. මං කවුද ඔයාගේ.."

ජන්කුක් ගොළු වෙලා වගේ ජින් දිහා බලාගෙන ඉන්නවා..

आप प्रकाशित भागों के अंत तक पहुँच चुके हैं।

⏰ पिछला अद्यतन: Jun 11, 2022 ⏰

नए भागों की सूचना पाने के लिए इस कहानी को अपनी लाइब्रेरी में जोड़ें!

𝚙𝚞𝚛𝚙𝚕𝚎 𝚏𝚕𝚘𝚠𝚎𝚛✨️||Completed||जहाँ कहानियाँ रहती हैं। अभी खोजें