3

166 89 12
                                    

ජිමින් ඇදේ ගුලි වෙලා අඩන අතරේ ජන්කුක් කාමරේට ආවේ තවත් පිරිමි ලමයෙක්  පිරිමි ලමයාගේ අතේ එල්ලිලා හිටියේ හරි ආදරෙන්.

ජිමින් ඒ බව දැක්කා.. ඉක්මනට ඇදෙන් නැගිටපු ජිමින් ජන්කුක් ගාවින් ගිහින් හිට ගත්තා.ජන්කුක්ට ජිමින්ව පෙන්නේ නෑ. ජන්කුක් හිටියේ එයාගේ අලුත් ආදර වන්තයා ජින් ඇස් දිහා බලාගෙන.ටිකෙන් ටික ජන්කුක් ජින් ගේ තොල් අතරේ අතර මං උනා..ටිකෙන්  ටික ජන්කුක් ජින් එක්ක එයාලගේ ලෝක වල අතරමන් වෙන අතරේ ජිමින් ජන්කුක් දිහා බලාගෙන බිම ඉදගෙන ඇඩුවේ අතේ තිබුණු සුදූ කපුරු මල් මිට දිහා පපුව තුරුල් කරගෙනම.ජන්කුක් ජින්ගේ ලෝකේ තනි වෙන අතරේ වැස්සක් පටං ගත්තේ අලුත් ආදරේට ආශීර්වාදයක්‌ වගේ.

ඒත් ජිමින්ට ඒ වැස්ස පෙනුනේ මුරුගසන් වැස්සක්‌ වගේ.කවදා හරි මේ ලෝකේ නැති වෙන දවසක හැම මනුස්සයෙක්ම මුරුගයෙක් වෙනවා එකීනෙකාට එකිනෙකා පෙන්නේ තරහා කාරයෝ වගේ.ජිමින්ට වැස්ස පෙනුනේ හරියට ඒ වගේ ජිමින්ට ජන්කුක් කියන්නේ ලෝකයක් ජිමින්ට දැනෙන්නේ ජින් එයාගේත් ජන්කුක්ගේත් අතර ආපු මුරුගයෙක් වගේ. එයාලට ආශීර්වායක් වෙලා වගේ වහින වැස්ස ජිමින්ට පෙන්නේ මුරුගසන් වැස්සක් වගේ. ජිමින් වැරදි නෑ..

අද ජින් එක්ක ජන්කුක් ආදරෙන් ඉන්න ඇදෙම ජන්කුක් ජිමින් එක්ක බොලද කතා කියන ගමන් තුරුල් වෙලා හිටියා.ජිමින්ගේ ගැහෙන්නේ නැති හදවත ජිමින්ගෙන් ප්‍රශ්න කරා "එයාට මතක නැද්ද මාත් එක්ක ආදරෙන් හිටපු විදිය."කියලා..

ඇත්තටම මිනිස්සු තමන්ගේ සහකාරී හරි සහකාරයා හරි තමන්ට අහිමි උනොත් තවත් කෙනෙක් එක්ක ජිවිතේ විදින්න පටං ගන්නවා.. ඒ කිසි කෙනෙක්ට මතක් වෙන්නේ නැද්ද

කලින් තවත් කෙනෙක් එක්ක මේ විදියටම ආදරෙන් හිටියා කියලා.පොරොන්දු දුන්නා කියලා.. දුන්නු පොරොන්දු වලට මොකද වෙන්නේ..

ජිමින්ටත් හරියට ඒ වගේ .ඔයා විතරයි, ඔයාගෙන් තොරවෙන කෙනෙක් එපා කියපු ජන්කුක් අද වෙන කෙනෙක් එක්ක.හදවතකට මේ තරම් අමතක වෙනවද නැත්තම් හැගීම් මිනිස්සුන්ව වහල් කරගන්නවද...

වැස්ස අවසානයක් වෙනකම්ම  ජන්කුක් ජින් එක්ක අනුරාගී හොරා කිහිපයක් ගත කරා.
ආවසානයේ ජන්කුක් බෙඩ්ෂිට් එකක් පටලවගෙන ඇවිත් උඩුමහලට වෙලා සිකරට් එකක් උරන්න ගත්තා.

සිකරට් එකේ උණුසුම් දුමාරේ පෙනහළු පුරා පැතිරිලා යද්දී ජන්කුක් අහස දිහා බලාගෙන ඉන්න අතරේ කදුළු වැල් කිහිපයක් කඩා හැලුනා..

"මං මේ කරන්නේ වරදක්..මගේ හිත තවත් කොටසකට බෙදුනා" කියලා තමන්ට මුමුණ ගන්න අතරේ ජිමින් ඇවිත් ජන්කුක්ගේ පිටට ඔලුව තියාගෙන බදාගත්තා.. ඇස් වලින් වැටෙන කදුළු බින්දු වල රස්නි ජන්කුක්ට නොදැනෙන්නත් වග බලා ගත්තා..

𝚙𝚞𝚛𝚙𝚕𝚎 𝚏𝚕𝚘𝚠𝚎𝚛✨️||Completed||Where stories live. Discover now