V

130 38 53
                                    

නීනාගේ මරණය, සියදිවි නසාගැනීමක් නෙමෙයි කියලා ඔප්පු කරන්න මම මහන්සි වුණ තරම දන්නේ් මාත් එක්ක වැඩ කරපු පොලිස් නිලධාරීන් කීපදෙනා විතරයි.

හරි හැටි නින්දක් නැතුව, කෑමක් බීමක් ඇඟට නොවැටී ගතවුණ ඒ දවස්වල, මාව ජීවත් කළේ නීනාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න මට තිබුණ දැවෙන වුවමනාව, ඒ වගේම නීනා ගැන මට තිබුණ හැඟීම.

ඔව්, ඒක ආදරයක් තමයි!

ඒත්, ඒක මගේ ලයිෆ් පාට්නර් ගැන ඇති⁣වෙන විදියේ ආදරයක් නෙමෙයි... මට නීනා ගැන දැනුණේ සහෝදරියක් විදියට... යාළුවෙක් විදියට...

එයාට මේ තරම් ළං වුණ එකම කෙනා වුණ මම, එයාට සාධාරණයක් ඉෂ්ඨ නොකර කොහොම ඉන්නද?

අන්තිමට හැමදෙයක්ම හෙළි වෙද්දී, මම හිතුව විදියටම නීනාව මරාදාපු එකාව අල්ල ගන්න අපිට පුළුවන් වුණා.

මම හිතුවා වගේම... ඒ හිවින්!

හිවින්ව අල්ලා ගත්තත් ප්‍රශ්නවල අවසානය එතැන නොවුණා වගේම, ප්‍රශ්නවල අවසානයක් දකින්න අපිට තිබුණ එකම මාර්ගය වුණේ හිවින්.

මුලදී කිසිම දෙයක් කියන්න සුදානමින් නොහිටියත්, විදුලි සැර වලට පුළුවන් වුණා ඌගේ කට අරවන්න.

මම නීනාට ඈත් වෙමුය කියලා කියපු දවසේ ඉඳලා, එයා මේ ලෝකේ අතෑරලා ගියපු ඒ කාලකණ්ණි දවස වෙනකම්ම, නීනා වතුර පොදක්වත් නොගෙන හිටි බව වාර්තාවලින් හොයා ගැනෙද්දී, එයා මුළු ගෙදර පුරා තිබුණ හැම වීදුරු බඩුවක්ම කඩා බිඳ දාලා එයාටම තුවාල කර ගත්ත බව ඇස් පනා පිට ඔප්පු වෙද්දී, ඒ කෙල්ලගෙන් ඈත් වෙන්න මම ගත්ත තීරණය ගැන මම දස දහස් වතාවකටත් වැඩියෙන් මටම ශාප කරගත්තා.

මම ඒ තීරණය නොගත්තා නම්, නීනා ඒ තරම් කායිකව දුර්වල නොවෙන්න ඉඩ තිබුණා වගේම, එදා හිවින් නීනාගේ ගෙදරට කඩා වැදුණු වෙලාවේ හිවින්ව මෙල්ල කර ගන්නත් නීනාට පුළුවන් වෙන්න ඉඩ තිබුණා.

එහෙම නොවුණු එකෙන් හැමදේම වෙනස් වුණා.

නීනාගේ ගෙදරට කඩා වැදුණු හිවින්, නීනා⁣ තමන්ටම කරගත්ත තුවාල ආයෙත් පාරගන්න සලස්වලා, නීනාට තව තවත් තුවාල කළා වගේම, ඒ තුවාල වලට සයනයිඩ් අධි මාත්‍රාවක් වත් කරලා.

Hurts like hellWhere stories live. Discover now