II

173 34 36
                                    

එයාගේ කොණ්ඩෙ බොරු කොණ්ඩයක් කියලා තේරුම් ගත්ත ගමන්, මම එයාවත් ඇදගෙන ජැටියෙන් ඈතට ආවා. පාර්ක් එකටම එයාව ඇදගෙන ඇවිත් එයිනුත් පාළුම හරියකට මම එයාව එක්ක ගෙන ගියා, අපේ කතා බහ කාට හරි ඇහෙයි කියන සැකේ නිසා.

කාලයක් මුහුණ දුන්න සිද්ධි නිසා තාමත් මං හැමදෙයක් ගැනම, හැමකෙනෙක් ගැනම සැක කරනවා. ඒ සැකය මෙවෙලාවෙත් මතුවුුණාට, ඒ සැකය පරයන සිතුවිල්ලක් ඇතිවුණා.

මට එවෙලාවේ දැනුණේ එයා ගැන මම බලාගන්න ඕන කියලයි. එයාව පරිස්සම් කරන එක මගේ වගකීමක් කියලා මට හිතුණා. ඒ නිසාම ඇතිවුණ තිගැස්මට මම එයාට කෑ ගැහුවා.

"ඔහොම හිටියයි කියලා ජැටිය ඇතුලේ තමුන්ට ආරක්ෂාව තියෙයි කියලා හිතුවද? එතන ඉන්න උන් තමුසෙ කොල්ලෙක් කියලා හිතලා අතාරියි කියලද තමුසෙ හිතාගෙන ඉන්නෙ, ආ? ඩ්‍රග් ඩීලර්ස්ලා වගේ උන් ඒම් කරන්නෙම කොල්ලොන්ව. එහෙව් එකේ තමුසෙ ඔහොම හිටියම උන් තමුසෙව ගණන් නොගෙන ඉදීය කියලා හිතුවේ කොහොමද තමුන්? උත්තර දෙනවා!" මං කෑ ගහන කොට කෙල්ල මං දිහා බලාගෙන හිටියා.

මගේ කෑ ගැහිල්ල නතර වෙලා විනාඩියක් විතර වෙනකම් අපි අතර තිබුණේ ලොකු නිහැඩියාවක්.

ඊට පස්සේ එයා හඩ අවදි කළා. "ඔයා හිතාගෙන ඉන්නේ මා(ර්)ෂල් ආ(ර්)ට්ස් පුළුවන් එකම කෙල්ල ඔයා කියලද?" එයා ඇහුවේ බොහොම සන්සුන්ව. "ඇරත්, මේ වගේ කිණිස්සක් මං තියාගෙන ඉන්නෙ එතන ලී වල කැටයම් කපන්නද?"

එයා ජැකට් එක මෑත් කරද්දී මට ඉබේටම කෙළ ගිළුණේ එයාගේ ඉණේ තිබුණ අගල් හයක් විතර දිග ගැඹුරු කැපුම් තුවාලයක කැළල දැකලාද නැත්නම් එයාගේ ඉණේ ගහලා තිබ්බ කිණිස්ස දැකලාද කියන්න මට තේරෙන්නෙ නැහැ.

ඒ කිණිස්ස යන්තම් ගෑවුණත් හම, මස් කපාගෙන අස්ථිය ගාවටම කපාගෙන යන තරම් මුවහත් හීනි තල දෙකක් තියෙන කිණිස්සක්.

"ඔහ්." පුදුම වුණ පාරට මට කියාගන්න පුළුවන් වුණේ එච්චරයි.


ඒ විදියට පටන් ගත්ත අපේ යාළුකම මාස කීපයක් ගෙවෙනකොට සහෝදර බැදීමක් තරමටම ශක්තිමත් වෙද්දී එයා මගේ නීනා වුණා මම එයාගේ සිසී අක්කා වුණා.

Hurts like hellWhere stories live. Discover now