IV

121 30 29
                                    

දවසක්, දෙකක්, වැඩ ගොඩක් එක්ක ගෙවිලා ගියා... ඒ දවස් දෙක පුරාවටම නීනා යන එන තැන්වලට මාව එක්කගෙන යන්න මගේ හදවතට ඕන වුණත්, මගේ මොළේ ඒ අදහස තරයේ ප්‍රතික්ෂේප කළා.

මොළය දක්වන තර්කවලට ප්‍රතිචාර දක්වන්න හදවතට බැරි බව දන්න නිසාම, මම ර් දවස් දෙකම මොළය කියන විදියට වැඩ කළා. 

ඒත් තුන් වෙනි දවසේ...

"තමුසෙ ඒ කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නෙ නැහැ තමුසෙ ඒ කෙල්ල ගැන හොයලා බලන්න ඕන  නැහැය කියලා! යනවා, ගිහින් හොරෙන්මමහරි හොයලා බලනවා... ඒ කෙල්ල හොඳින්ද කියලා!"  හදවත ආවේගශීලී වෙලා මොළයට කෑ ගහපු පාරට, මොළයත් හදවතට බය වුණා... ඒ බය නිසාම අවනත වුණා.

කලින් දවස් දෙකේ ලෙක්චර්ස් ඉවර වෙලා කෙලින්ම ගෙදර දිහාට ඇදුණ මගේ දෙපා, ආයෙමත් ජැටිය දිහාට ඇදුණේ පුදුමාකාර සැනසීමකින්.

ඒත් ඒ සැනසීම පැවතුණේ බොහොම පොඩි කාලයයි.

ජැටියේ අපි හමුවුණ ඒ ලී තට්ටුවේ කවුරුවත්ම හිටියේ නැහැ.

හිතට ආව හදිසි සැකයකට මම ෆෝන් එක අතට ගත්තා. හදිසියේ ප්‍රශ්නයක් වුණොත් අපිට අනිත් කෙනා ඉන්න තැන හොයාගන්න පුළුවන් වෙන්න අපේ ෆෝන් දෙකම ට්‍රැකින් ඇප් එකක් හරහා සම්බන්ධ කරලායි තිබුණේ.

තිරේ මතුවු⁣ණ රතුපාට තිත පෙන්නුවේ ජැටියට ටිකක් දුරින් තියෙන ගම්බද පැත්තක අළු පාට කොටුවක් උඩින්. ඒ කියන්නේ බොහෝ දුරට ඒ ගෙදරක් වෙන්න ඕන.

බස් එකක් එනකම් බලාගෙන ඉන්න තරම් ඉස්පාසුවක් නොතිබ්බ මම, ජැටියෙන් එළියට එන්න කලින්ම ඌබර් ටැක්සියක් කතා කරගත්තා. ජැටියෙන් එළියට එනකොටම ටැක්සිය ආව නිසා, ඩ්‍රයිවර්ට ලොකේෂන් එක  සෙන්ඩ් කරන ගමන්ම මම ඒකට නැග්ගා.

"ඔය එවපු ලොකේෂන් එකට යමු. පුළුවන් තරම් ඉක්මනට."

ඩ්‍රයිවර් හැටට හැටේ පාගලා යද්දී, මම යටිතොල දත් අතරට මැදි කරගෙන හපන ගමන් කල්පනා කළේ නීනාගෙන් ඈත් වෙන්න මම ගත්ත තීරණය හරිද කියලා.

එයාට මම පොරොන්දු වුණා... එයා එක්කම ඉන්නවා කියලා.

එයා මට කිව්වා... එයාට මේ තරම් ළං වුණ එකම කෙනා මමය කියලා.

Hurts like hellWhere stories live. Discover now