" කෝ එන්නකෝ.. "
තමන් දිහා බලන් හිටිය කෙල්ලගේ අතකින් අල්ලගන එයා ඉයුන් බී ව සෝෆා එකේ වාඩි කරෝගන කෙල්ලගේ උකුලෙන් ඔලුව තියාගත්තා....

" චුට්ටක් රිදුනා ඉතින්... ඔයාගේ දත් හරි සැරයි නේ... "
කෙල්ලගේ නහයකට තට්ටු කරලා හිනා වෙලා කොල්ලා කිව්වත් කෙල්ලගෙන් පිට වුනේ කදුළු විතරයි ... මුකුත්ම නොකියා දෙන්නට දෙන්නා එකිනෙකා දිහා බලන් හිටියේ ඒ ඇස් වලින් හැම වචනයක්ම හුවමාරු වෙද්දි...

කෙල්ලගේ කම්මුලෙන් බේරිලා වැටුන කදුළු බිංදුව කොල්ලගේ තුවාල වෙලා රතුවෙලා තිබුන තොල් උඩට වැටුනේ ටේහ්‍යුන් එයාගේ අතකින් කෙල්ලගේ කම්මුල් පිහදාද්දි...

" මම යන්නම් ටේ.. මට ඉන්න බෑ.. මං නිසා හෙට තව මොනා වෙයිද ඔයාට.. "
කොල්ලගේ තුවාල උන බෙල්ලෙ එයාගේ හීන් ඇගිලි යවන ගමන් කෙල්ල නහය ඇද ඇද කියද්දි ටේහ්‍යුන් ඉක්මනට ඒ අත අල්ලගන ඒක පපුවට තියලා තද කරගත්තා...

" ඔයා ගියොත් මේ පපුව ගැහෙන්නේ නැතුව යයි යුන් ... ඒකට කමක් නැද්ද... "
ගැහෙන පපුවට කෙල්ලගේ අත තියලා තදකරන ගමන් ටේහ්‍යුන් කියද්දි කෙල්ල කලේ නැවිලා කොල්ලගේ නළල සිපගත්ත එක...

" මං නිසාම මේ පපුව නතර වෙන්න දෙන්නත් බෑ ටේ... "
කොල්ලගේ කෙස් අතර ඇගිලි ගෙනියන ගමන් කෙල්ල තොලක් හපාගත්තා..
තවමත් එයාගේ තොල් වල ඒ ලේ රස රැදිලා තිබුනා...

" ඔයා යන්නේ මම යන්න දුන්නොත් නේ.. "
කොල්ලා එයාගේ පපුව උඩ තිබ්බ කෙල්ලගේ අතයි ඔලුව අතගාන එයාගේ අනිත් අතයි දෙකම අල්ලලා තමන්ගේ අත්දෙකෙන් තද කර ගත්තේ යන්න නොදෙන බව පෙන්නලා...

" ටේ ඒත්... "

" රෑ වීගන එන්නේ යුන්.. පැළ ටික අදම හිටෙව්වොත් ඉක්මනට ලොකු වෙයි.. "
හැමදේම වෙනදා වගේම හිනාවකින් වහලා කොල්ලා ටිකක් හැරිලා කෙල්ලගේ බඩට මූණ තියලා එයාට තුරුල් උනා..

" ඔයා හැමදාම මෙහෙම ඉවසන්නද හදන්නේ ටේ.... ?
එක දවසක් වත් පසුතැවිල්ලක් නැද්ද මාව කසාද බැදට.... ? "

" ආනී.. ඔයාගේ තරම් ආදරයක් ලබපු එකට මම සතුටින් ඉන්නේ... අතාරින්න හිතෙන්නේ නැති මගේම ආදරයක් ඒක..
ඔයා මගේ යුන්... මම කිසිම කෙනෙක් ලගට ඔයාව යවන්නෙත් නෑ , පිස්සෙක් කියලා හංවඩු ගහලා වාට්ටු ගානේ දාන්නෙත් නෑ.. මට ඉවසන්න පුළුවන් ඕනි තරමක්...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now