Flashback
(In the morning)

- At the hospital -

- "ඩොක්ටර් මින්."

- "ඕහ්... ජන්කුක්. ඔයා හැමදාම වගේ වෙලාවටම ආවා."

සුපුරුදු බනී හුරතල් සිනහව පෙන්වමින් දොර විවර කරපු ජන්කුක්ව දැකීමෙන් සතුටට පත් වූ ඩොක්ටර් මින් ජන්කුක්ටත් සිනහවකින් සංග්‍රහ කර අසුනෙන් වාඩි වෙන මෙන් අතින් සන් කලා.

- "මෙන්න ඔයාගේ ලබන මාසේ බෙහෙත් ටික."

- "ස්තූතියි ඩොක්ටර්."

- "ජන්කුක්"

- "ඩොක්ටර්?"

- "Are you okay?"

- "Yes, Doctor. I'm fine. Why did you ask like that?"

- "නෑ දරුවෝ. ඔයා ගොඩක් ඇදිලා ගිහින් වගේ. ගෙදර මුකුත්...."

- "අනේ නෑ ඩොක්ටර්. හැමදේම හොඳින්."

සිනහ වී ජන්කුක් එලෙස පැවසුවත් ජන්කුක් නොකියන ලොකු දෙයක් තිබෙන බව ඩොක්ටර් මින්ට ඉවෙන් මෙන් වැටහුනේ ඔහු දක්ෂ වෛද්‍යවරයෙක් බව කියාපාමනි. ජන්කුක් පිටතින් යහපත්ව සිටියත් ඇතුලතින් කුමක් හෝ වේදනාවකින් සිටින බව ඩොක්ටර් මින්ට තදින්ම දැනුණා. නමුත් ඔහු ඒ බව ඇඟවීමටවත් ඒ ගැන අසන්නටවත් නොගියේ ජන්කුක් ගැන කුඩා වියේ සිටම හොඳටම දන්නා නිසාවෙනි. තමන්ගේ හැම දුකක්ම හිතේ හිර කරන් පිටතට ලස්සනට සිනහවී අනිත් අයගෙත් යහපත ගැන පමණක්ම සිතන ජන්කුක් අදත් ඒ විදිහටම වේදනාව යටපත් කරමින් සිනහ වී කතා බස් කරමින් සිටියා. මඳ වේලාවකින් ඩොක්ටර් මින් සමඟ කතා කරමින් උපදෙස් ලබා ගත් සිටි ජන්කුක් කාර්යාලයට යන්නට ප්‍රමාද වෙන නිසා ඩොක්ටර් මින්ගෙන් සමුගෙන අසුනෙන් නැගිට කාමරයෙන් පිටව ගියත් සමඟව ඩොක්ටර් මින්ද කාමරයෙන් පිටතට ගියේ තම හෙදිය වන සෙයෝ ජූන්ගේ මේසය ළඟට.

- "මිස් සෙයෝ ජූන්."

- "ඩොක්ටර්."

- "කාමර අංක 44 ඉන්න පේෂන්ව ඉක්මනට treatmentවලට ලෑස්ති කරන්න."

- "හොඳයි ඩොක්ටර්."

එලෙස පිළිතුරු දුන් ඇයව පසුකර යන ඩොක්ටර් මින් දෙස නැවත හැරි කතා කරන්න තැත් කලේ හදිසියේම යමක් මතක් වුණා මෙනි.

Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅Where stories live. Discover now