Can't You Feel ..

Mulai dari awal
                                    

" ඔමො... යුන්.. ඔයා ආවද.... "
ඉන වටේට එතුන කෙල්ලගේ හීන් අත් අතකින් පිරිමදින ගමන් කොල්ලා අනික් අතෙන් pan එක එහෙ මෙහෙ කලා....
කෙල්ල තවත් එයාගේ අත් කොල්ලගේ ඉනට තද කරගත්තා.....

" ම්ම්... යුන් ගිහින් මේසෙන් වාඩිවෙන්න කෝ.. මම කෑම ගේන්නම්... දැන් ඉවරයි.. "
කෙල්ලගේ අත බුරුල් කරන්න උත්සාහ කරන ගමන් කොල්ලා කිව්වත් එයාගේ පිටට හේත්තු වෙලාම කෙල්ල ඔලුව වැනුවේ බෑයි කියලා...

" ච්... මොකෝ අනේ මේ... කෝ ගිහින් ඉද ගන්න කෝ මම මේක කරන කන්.. ම්ම්... මාව බදාගන ඉන්නේ මම යන්නේ නෑ අනේ... "
කොල්ලා හිනා වෙලා කෙල්ලගේ අතකට ලාවට පාරක් ගැහුවා...

කෙල්ලගේ කම්මුල පිටට තද වෙලා තිබ්බ හරියෙන් එන්න එන්නම තෙත ගතියක් දනෙද්දි එයා ටිකක් කලබල උනා...
" යු යුන්... ඔයා අඬනවද... ? "
ගෑස් එකත් off කරලා එයා හැරෙන්න හැදුවත් කෙල්ල ඒකට ඉඩ දුන්නේ නෑ.....

තවත් අත් තද කරලා කොල්ලට හැරෙන්න නොදී තියා ගත්තා...
" හැරෙන්න එපා... "
කෙල්ල කැඩුන කටහඬකින් එහෙම කිව්වා...

" ආනී ඇයි මේ.... ඔයා අඬනවා නේද... අනේ ඇයි යුන් ... මොකද උනේ... "

" මියා.... නේ.. ටේ.. මට සමාවෙන්න.. "
නහයත් උඩහට ඇද ඇද කෙල්ල කියද්දි ටේහ්‍යුන් තදින් හුස්මක් ගත්තා....

" මොනාටද.... මොනාටද සමාව දෙන්නේ ආ... විකාර යුන්.. ඔයා වැරැද්දක් කලා යෑ...

ඔහ්... ආයෙම වාස් එකක් වත් බින්දද... "
තරහා ගියත් ආයෙම හිනා වෙන ගමන් කොල්ලා සැනින් කෙල්ලගේ අත්දෙක ගලෝලා අනිත් පැත්තට හැරුනා...
කෙල්ල කදුළු පුරවගන බලන් ඉන්නවා දැක්කම කොල්ලගේ හිනාව මැකිලා ගියා..

" අනේ මම ඒක විහිලුවට කිව්වේ... දුක හිතුනද... "
ඉයුන් බී ගේ කම්මුල පිහිදාන ගමන් කොල්ල අහද්දි කෙල්ල නෑයි කියන්න ඔලුව වැනුවා...

" එහෙනම් ඇයි මේ... "

" මියානේ ටේ... ඔයාට office එකේ වැඩත් එක්ක ලෙඩෙකුත් බලාගන්න උනා නේද.. "
කෙල්ල බිම බලාගන කියද්දි ටේහ්‍යුන් ගේ ඇහිබැම් ඇකිලුනේ තරහක් ආව නිසා...

" මොනාද කියවන්නේ යුන්... කවුද ලෙඩා.. මෙහෙ ලෙඩෙක් නෑ... තේරුනාද... "
කෙල්ලගේ අතකින් අල්ලගන කොල්ලා කිව්වේ තරහව පාලනය කරගන්න ගමන්...

DUΛL⏳ ( Completed )Tempat cerita menjadi hidup. Temukan sekarang