❤️Chapter 05❤️

Start from the beginning
                                    

" මන් කේන්ති ගැස්සුවෙ නෑනේ.එය කොයිවෙලෙත් පිපිරිලා ඉන්නෙ.ඒකට මන් පළිද ?😒😒😒.මන් නම් ආන්සර් කරන්නෙ නෑ .ඔයා ආන්සර් කරන්න."

යේහා එහෙම කිව්වට දියා කෝල් එක ආන්සර් කරා.කෝල් එක එහෙමම ආන්සර් කරලා දියා ෆෝන් එක යේහාට දික් කරා.

"ගන්න."

"අනේ මට බෑ."

" මෙන්න මේක අරන් කතා කරනවා.මෙතන විකාර කරන්නෙ නැතුව.කෝල් ආන්සර් කරේ නෑ කියලා අවුරුද්දක් වෙන්න වෙයි."

" අවුරුද්දක් ඇසිස්ටන් .😱😱😱😱.නැතුවට කමක් නෑ .කෝ දෙන්න මන් ආන්සර් කරන්නම්."

කෙල්ල එහෙම කියල මගෙ අතින් ෆෝන් එක ගත්තා.බලන්න ඕනේ මූණ.ජන්කුක් එක්ක කතා කරන විදිහ.නැති තැන බනින්නෙ චණ්ඩියා වගේ.දැන් අහිංසක පොඩි එකෙක් වගේ.ජන්කුක් මොනා කියනවද මන්දා.මේ කෙල්ල කියන හැම දේකටම ඔලුව වනනවා.නැත්තන් නේ සර් කියනවා.කතා කරන දිහා බලන් ඉන්න මට හිනායනවා.මන් හිනාවෙනකොට ඒ අස්සෙන් මට රවනවා.මේ කෙල්ලට පිස්සුද මන්දා.කෝල් එක ඉවර වුනා විතරයි මූණ නිකන් මොකක්ද වගේ

"මොකද ? "

" මුකුත් නෑ .වෙලාවට එන්නලු.නැත්තන් කරන දේ බලාගන්න කිව්වෙ.ඇයි මට මොනා කරන්නද දන්නෙ නෑ.කොයිවෙලේ හරි මටත්  චාන්ස් එකක් එයිනේ.ඔහොම යන්කෝ.මස්සිනා වෙලා එයිනේ ගෙදරට.එතකොට බලාගන්නම්.හොද වැඩක් කරනවා මන්.ඔයාගෙ හබී වුනාට මට කරන්න දෙයක් නෑ ඔන්නි.කවදහරි එයිනේ.එතකොට මන් එයාගෙ ෂැම්පු එකට ඩයි දානව.නැත්තන් තේ එකට ලුණු දානවා.
ඔයා දන්නවද ඔන්නි කෝල් එක අරන් කියවන්නෙ එයාගෙ කලින් ඇසිස්ටන් ගැන.කලින් එක්කෙනත් කෙල්ලෙක්ලු.හෙනට හොද කියනවා.හොදනම් එයාවම ගන්නනෙ තියෙන්නෙ .මාව ගත්තෙ ඇයි දන්නෙ නෑ .මල කෝලන්...."

යේහා කියවගෙන කියවගෙන ගිය හින්දා දියා නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ලොලිපොප් එකක් අරන් යේහාගෙ කටට එබුවා.ඒක එබුවා විතරයි යේහා කට වහගත්තා .

"මේක රහයිනේ.කොහෙන්ද ගත්තෙ."

"එහෙනම් කට වහගෙන ඕක කන්න.කියවන්නෙ නැතුව ."

"කටවහන් කොහොමද අනේ කන්නෙ.😁😁😁😁😁"

"මාත් එක්ක තමානේ කට.ජන්කුක් එක්ක නෑ."

❤️ F̸i̸r̸s̸t̸ L̸o̸v̸e̸ ( Completed )Where stories live. Discover now