" ඔව්... මම තරහයි... මම අඬ අඬ ගේ හැමතැනම දිව්වා.. ඔයා නම් හරිම නරකයි.. කතා කරන්නෑ මම දවසටම.. හහ්... "
කොල්ලා අල්ලන් හිටිය අතත් ගසලා දාලා කෙල්ල ඔරවගනම ගිහින් සෝෆා එකේ වාඩිවෙලා අහක බලාගත්තා...

තමන් හිනාවෙන්න තරම් හොද මානසිකත්වයක නොහිටියත් කොල්ලට කෙල්ලගේ මේ හැසිරීමට ඉබේම හිනා ගියා..
" ඇයි යුන් ඔයා මේ තරම් අහින්සක ..... "
හැමදාමත් වගේ කොල්ලගේ හිතේ ආව එකම ප්‍රශ්නේ උනේ ඒක....

" ඔමොහ්... එතකොට මගේ wife මා එක්ක කතා නොකර ඉන්නද හදන්නේ... "
කෙල්ලගේ ලගින් වාඩිවෙන ගමන් කොල්ලා එහෙම කියද්දි කෙල්ලව ලාවට ගැස්සුනේ කොල්ලා එයාට wife කියලා කතා කරපු නිසා...

" යුන්... Princess .. "
ආයෙමත් අහකට හැරුන කෙල්ලගෙ අතකින් අල්ලගන කොල්ලා කෙල්ලගේ උකුලේ ඔලුව තියාගත්තේ කෙල්ල ඇසුත් ලොකු කරන් බලද්දි...

" මහන්සිද... ? "
කතා නොකර ඉන්න හැදුවත් කොල්ලගේ මහන්සි පාට ඇස් වගේම කෙල්ලගේ උකුලට තවත් ගුලි උන ඒ මූණ දැක්කම කෙල්ල කොහොම නම් කතා නොකර ඉන්නද....
කොහොම නම් තරහා වෙන්නද...

කොල්ලට කටකොනින් පුංචියට හිනාවක් ගියා ඒ පාර නම්.... එයා අනිත් පැත්තට හැරිලා කෙල්ලගේ ඉන වටෙන් අත්දෙකත් දාලා බඩට හේත්තු වෙලා මූණ හංග ගත්තේ කෙල්ල එයාගේ හීනි ඇගිලි වලින් කොල්ලගේ ඔලුව අතගාද්දි.....
" හ්ම්ම්... මහන්සියි .. ගොඩක් ... "
තවත් කෙල්ලට හේත්තු වෙලා කොල්ලා කිව්වේ ඇත්තටම ඇගට වගේම හිතටත් දැනුන මහන්සි ගතිය නිසා...

" හ්හ්... යුන්.. ඔයාගේ තුවාලේ පෑරිලා නේ... "
එසැනින් කොල්ලා දැක්කා කෙල්ලගේ අත ඔතලා තිබුන ගෝස් පටි තෙත් කරගන ලේ ගලලා තියෙනවා...

" අහ්.... ඔ ඔව් මයි.... ස්ස්.. රිදෙනවා .. "
කෙල්ලටත් එතකොටයි ඒක දැනුනේ.. ඒ තරමටම එයා හිටියේ කොල්ලා ගැන වදවීමෙන් .. තමන්ගේ අතේ තුවාලයක් තිබ්බ බවක් වත් කෙල්ලට දැනුනේ නැත්තේ ඒකයි...

කොල්ලා ඉක්මනට කෙල්ලගේ උකුලෙන් නැගිට්ටා....
" නැතුව... නොරිදී තියෙයිද... ලේ ගලනවා හොදටම.. දෙයියනේ .. ඔයාට දැනුනේ නැද්ද... "
කෙල්ලගේ අත අල්ලගන කොල්ලා කෑගහද්දි කෙල්ල බිම බලාගනම අහගන හිටියේ මොකුත් නොකියා....

DUΛL⏳ ( Completed )Onde histórias criam vida. Descubra agora