Chapter : 25 🖤✨️(PART1)

Start from the beginning
                                    

"මින්හෝ....මින්හෝ...." කෑගහගෙන ඇතුළට ආවේ සුයෝන්..

අහ් මෙයානේ...මගෙ සුයෝන්...

මට හීන් හිනාවක් කට කොනින් ගියා...

"මින්හෝ....මින්හෝ...මෙයා කොහෙ ගිහින්ද...?
අද උත්සවයනේ...කෝ මෙයා....???"

කිය කියා කාමරේ වටේටම ඇස් කැරකෙව්වේ මූණත් දෙක කරගෙන...

"මාවද හොයන්නේ..." කියාගෙන මම පිටිපස්සෙන් ගිහින් සුයෝන්ව තද කරලා බදාගත්තේ එයාගෙ උරහිස උඩින් ඔලුව තියන ගමන්...

"යාහ් මොනවද කරන්නේ...අතාරින්න...
කවුරු හරි දැක්කොත් එහෙම...." කෙල්ල ලැජ්ජාවෙන් රතු වෙලා..කවුරුත් අපි දෙන්නාගෙ සම්බන්ධෙ ගැන දන්නේ නැති නිසා කෙල්ල ලැජ්ජයි ඉතින්...

"ඉතින් දැකපුවාවේ...ඔයා මගේ රැජිණනේ...."
කියලා අයිතිය ප්‍රකාශ කරණ ගමන් මං එයාව මගේ දිහාවට හරවගත්තා..

"යා..හ්...ඔයා තාම ලෑස්ති වුණේ නැත්ද....? මොකක්ද අනේ..." සුයෝන් මූණ ඇඹුල් කරගත්තා...

"අනේ මට බැහැ..." කියන ගමන් මං සුයෝන්ගෙ ඉණෙ පටලන් හිටපු අත් අයින් කරගෙන එහාට වුණා..
මගෙ හිත හැමවෙලේම එක එක දේවල් නිසා දෙගිඩියාවෙන්...

"බැහැ...??.."

"ඔව්..සුයෝන්...
ඔයාට හිතෙන්නේ නැත්ද..මේ දේවල් මට ගැළපෙන්නේ නැහැ කියලා...?"

"මේ අහන්න මින්හෝ....." සුයෝන් තවත් මගෙ ළගට ළං වුණා...

අපි කාගෙවත් කිසිම දෙයක් උපතින් ගැළපෙන්නේ නැහැ..අපි ඒවා අපි කැමති විදිහට ගලප ගත්තොත් මිසක්..."

"ඒත්....??"

"ගැළපෙන්නේ නැති දේවල් අපි එකතුවෙලා ගළපගමු...හා..
මම ඔයාට උදව් කරන්නම්...."

"හා...ඒත් ඔයා කවදා ඉදන්ද ආහ් ඔය වගේ දෙබස් කියන්න පුරුදු වුණේ......"

සුයෝන් සාමන්‍යෙන් ඒ වගෙ දෙබස් කියන කෙනෙක් නෙමෙයිනේ..මන් එහෙම ඇහුවම සුයෝන් රාජකීය ඇදුම තියන තැනට ගියේ ලස්සන හිනාවක් මූණ පුරා ඇදගෙන..එයා මෙහෙම හිනාවෙලා ඉන්නවා තරම් දෙයක් නෑ මට...

"ඉස්සර හිටියනේ චං මින්හො කියලා පණ්ඩිත කාර්ය සාධන නිලධාරියෙක්..
ආන්න එයාගෙන්..."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now