Chapter : 10 🖤✨️

139 50 10
                                    

My Empress ✨️🖤
Chapter : 09 👑

_____________________________________________

වැළලී ගිය අතීතයක්......
අලුත් කළ ගායකයෙක්......
_____________________________________________

පෙර කොටසින් :
ජිමින් (මින්හෝ) POV :

මට ඒ ලියුමෙ ලියලා තිබුණ දේවල් ගැන හිතාගන්න බැරි වුණා..... කොරියන් අකුරු ළගින් ගියත් ඒ අකුරු කොරියන් නෙමේ....ඒ අකුරු දිහා ටිකක් විමසිල්ලෙන් බලලා ඒ ලියුම නහයට ළo කරලා ලියුමෙන් ආව අමුතු සුවදටයි මට තේරුනේ ඒවා ලියලා තියෙන්නෙ තීන්ත වලින් නෙමේ ලේ වලින් ලියලා.....

කියවගන්න බැරි වුණත් හරි ඕනකමින් මම ලියුමේ උඩ ඉදන් පහළට බලාගෙන ගියේ මගේ හිතේ මේ අමුතු ලියුම ගැන තිබුණ කුතුහලය නිසා.......

උඩ හරිය බලාගෙන යද්දි මගේ ඇස් පහළම හරියට ගියේ ඉබේටමයි....
ඒ පහළ හරියේ හරි අමුතු සoකේතයක් වගේ දෙයක් ඇදලා තිබුණ නිසා... රවුමක් ඇතුළේ තිබුණ ඒ අමුතු සළකුණ මොකක්ද කියලා බලන්න පහළ හරියට ඇස් ගෙනියනකොටම එකපාරටම අතක් ඇවිත් වේගෙන් ලියුම මගෙ අතින් උදුරගත්තා....

"හා....ජි......හාජින්......"

එකපාරටම පුදුම වුණ මගේ කටින් පිටවුණේ ඉබේටමයි.........

AUTHOR POV : ( කතෘ)

හාජින් හිටියේ හොදටම කලබල වෙලා හරියට එයා හoගන්න උත්සහ කරපු දෙයක් නොහිතපු වෙලාවක එළි වුණා වගේ.. කෙල්ලගෙ ඇස් බයෙන් වගේම තරහෙන් දිළිසුණා.....

"ඔයා කියෙව්වද......? "

"මොකක්ද ?..........??"

මින්හෝ හිටියේ හොදටම පුදුම වෙලා...

"මේ ලියුම කියෙව්වද කියනවා....."

හාජින් වචන සැර කරලා ඇහුවේ කේන්තියෙන්.......

"ඔව්..... මම කියෙව්වා....."

මින්හෝ එහෙම කිව්වා විතරයි කෙල්ලගෙ ඇස් වල තිබුණ තරහ නැති වෙලා බයක් ආවා.

"මින්හෝ මේ අහන්න......

කෙල්ල කතා කළේ හරි මෘදු වචන වලින් හරියට පාපොච්චාරණයක් කරන්න වගේ.....

"ඔයා හිතන විදිහේ කෙනෙක් නෙමේ මම......
මම දන්නෙ නෑ මේවා කොහොම සිද්ධ වුණාද කියලා.......
ඒත් මම හිතලා එහෙම දෙයක් කළේ නෑ...."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now