Chapter : 24 🖤✨️

118 32 18
                                    

My Empress ✨️🖤
Chapter : 25 👑

කාලය කියාවී දෛවයේ සරදම්🍂

___________________________________

සති තුනකට පසු~
@මාළිගාව
~මින්හොගෙ කුටිය🍂

ඕෂින්වලදි සිද්ධ වුණ අවසනාවන්ත අනතුරෙන්  පස්සේ මින්හොට සිහිය නැති වුණාට පස්සෙ රැජිණ මින්හොව ශියෑන් මාළිගාවට ගෙනත් ප්‍රතිකාර කළා..සති තුනක් පුරාවට හැම දවසකම රැජිණ මින්හොට සිහිය එනකන්  බලන් හිටියේ එයා ආපහු නැගිටියි කියලා ලොකු විශ්වාසයක් හිතේ තියාගෙන...

රැජිණ මින්හො වෙනුවෙන් එයාගේ ජීවිතේ අලුතින් පටන් ගන්න තීරණය කළේ තමන් වෛර කරන පරණ අතීතේ සේරම අමතක කරලා දාලා...මින්හොගෙ මානසිකත්වය හොද අතකට ගන්න ඕනි නිසා රැජිණ ආපහු සංගීතෙටත් ආදරේ කරන්න පටන් ගත්තා...

නිසොල්මන්ව ඇදේ නිදි සුව විදින මින්හෝ  ළගට වෙලා රැජිණ‍ වීණාවේ ස්වර එහා මෙහා හැසිරෙව්වේ හරි ලස්සනට..
මින්හොගෙ ඇස් වලින් හිනාවෙන හිනාව නැතුව , දගකාර කතා නැතුව , හුරතල් කෝළම් වැඩ නැතුව රැජිණ හිටියේ හුගක් පාළුවෙන්..රැජිණ වීණාව වයන ගමන් මින්හොව මුණගැහුණ පළවෙනි දවසෙ ඉදන් එයාගේ හිතේ තිබුණ  පරණ මතක සේරම අලුත් කළා...

හීනියට වැයෙන කන්කළු වීණා ස්වර වලින් මුළු මාළිගාවම පිරිලා ගියේ හැමෝගෙම හිත් සතුටින් පුරවලා...

රැජිණ ඇස් පියාගෙන වීණා වයන විදිහ ජිහියා පැත්තකට වෙලා බලාගෙන හිටියේ ආසාවෙන්..රැජිණ අන්තිම ස්වරය වයලා සින්දුව ඉවර කරනවත් එක්ක ජිහියා රැජිණ දිහාවට හැරුණා...

"පුoචි කාලේ හිටපු පරණ සුයෝන් ආපහු ඇවිත් එහෙනම්...."

"ආහ්...ජිහියා අම්මා...
ඔයා කොයි වෙලාවෙද ආවේ..." රැජිණ වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා...

"ම්ම්...ඇවිත්නම් දැන් ටිකක් වෙලා...."

"අහ් එහෙමද ?.."

"ඔයා මෙච්චර වෙනස් වුණේ මින්හො හින්දද...?"

"ම්න්..." රැජිණ අහින්සක හිනාවක් මූණෙ ඇදගත්තෙ මින්හෝ දිහාවට ඇස් හරවලා...

" ඔයාගේ වාදනය නම් හුගක් ලස්සනයි දරුවෝ...අනේ මෝයාත් අද හිටියනම්..
එහෙනම්, දෙන්නට එකටම වාදනය කරන්න තිබ්බා..."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now