" ආනී... අයියෝ ... මම කියන්නේ සුදුරෝස මල් ගැන අනේ.... "
කොල්ලගේ අතට ඇගිල්ලකින් ඇනලා කියද්දි කොල්ලා ඇහිබැම් ඉස්සුවා...

" ඕ .. ඒක ද මේ.. ඔයා ඒ තරමටම මල් වලට ආස නම් අපි ගෙදර වත්තම මල් වවමු... "
කොල්ලා එයාගේ අතලගින්ම තිබ්බ කෙල්ලගේ අත අල්ලගන්න ගමන් කියද්දි කෙල්ල හිනාඋනා..

" අනේ පිස්සු ඔයාට නම්... එහෙම නෙවෙයි ටේ... මම ආස සුදුරෝස වලට විතරයි ... අපි ගෙදර සුදුරෝස විතරක් වවමුද..."

" ම්.. හා... ඔයා ආස නම් එහෙම කරමු.. එලියේත් වවලා ඇතුලෙත් වවමු... හොදේ .. "
දෙන්නම හයියෙන් හිනාවෙන ගමන් ඒක අනුමත කලා.....

*****

" ටේ.... අපි Film එකක් බලමුකෝ... මට කම්මැලි නේ... "
කෙල්ල ඇද උඩට වෙලා කකුල් දෙකත් වන වන කියද්දි කොල්ලා ඇවිත් ඇදේ වාඩි උනා...

" ඔයාට මහන්සි නැද්ද යුන්.. නිදාගන්නේ නැද්ද ඉතින්... "

" ආනී... ටිකක් .. ඒත් මට හිතුනා film එකක් බලන්න... අපි දෙන්නා එකට ඉදන් film එකක් බැලුවේ නෑ නේ කාලෙකින්.. "
කොල්ලාගේ උරහිසේ ඔලුව තියාගන කෙල්ල කියද්දි කොල්ලා එයාගේ ඔලුව අතගෑවා...

" හ්ම්ම්... ඉන්නකෝ.. මම TV එක ඔන් කරන්නම්... මොනවගේ එකක් ද... horror එකක්.. ? "

" ආනී... මම ආස romantic ඒවට... "
කොල්ලට ඇහැකුත් ගහලා කෙල්ල කියද්දි කොල්ලා කටත් ඇරන් ඒ දිහා බලන් ඉදලා හයියෙන් හිනා උනා..

" අම්මෝ... හහ් හහ්.. හ්. .. "

දෙන්නත් එක්කම Film එක බලන්න ඇදේ වාඩි උනත් ඒකේ බාගයක් යද්දි කෙල්ල කොල්ලගේ පපුව උඩම නිදි... කොල්ලගේ ඉන වටෙන් අත්දෙකත් දාගන එයා ශීට් එකේයි කොල්ලගෙයි උණුසුමේම ගුලි වෙලා නිදාගන ඉද්දි කොල්ලට ඇහැරවන්න ලෝබ හිතුනා...

ඒ නිසාම එයත් tv එකයි ලයිට්ස් ටිකයි off කරලා කෙල්ලව ටිකක් උස්සලා තමන්ගේ එක අතක් එයාගේ උරහිස් වටේට දාලා එයාවත් ලං කරගන හෙමීට කොට්ටෙට බර උනේ කෙල්ලට ඇහැරවෙයිදෝ සැකෙන්...

" පණ.. ඔයා හැමදාම මෙහෙම මං ලගින් ඉන්නවා නේද... ම්ම්.. "
කෙල්ලගේ කනට කරලා ටේහ්‍යුන් එහෙම කියද්දි කෙල්ල ටිකක් ඇඹරිලා තවත් කොල්ලට තුරුලු උනා...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now