Chapter 33

522 136 202
                                    


_____________________________________

Eventually,
Everything connects.

_____________________________________

දත් විලිස්සගෙන කන්න පනින්න වගේ බලාගෙන ඉන්න කොටි රැලක් මැද කරකියාගන්න දෙයක් නැතිව හිර වෙලා ඉන්න අහින්සක හාවෙක්ගේ මූණ මොන වගේද කියලා කාට හරි දැනගන්න ඕනිනම් එයාලට ඒක දැනගන්න තියන ලේසිම ක්‍රමය තමයි ජැක්සන්ගේ මූණ දිහා බලන එක..

රෝනා ප්ලේස් එකේ විසිස්ත කාමරය මැද තිබුනු මිල අධික සෝෆාවේ වාඩි වෙලා හිටපු ජින් එයාට පැත්තකින් තිබුනු තනි පුටුවේ වාඩි වෙලා හිටපු ජැක්සන් දිහා බලාගෙන හිටියේ ඇස්වලින් ගිනි පිට වෙද්දි.

ජින්ගේ දෙපැත්තේ වාඩි වෙලා හිටපු නම්ජූන්ගෙයි සූබින්ගෙයිත් මූණවල්වල ලොකු වෙනසක් තිබුනේ නෑ.ජින් තරම් නැතත් ඒ දෙන්නත් ජැක්සන් දිහා බලාගෙන හිටියේ ජැක්සන්ව කන්න වගේ..

ජින්ට ඉස්සරහ තිබුනු අනිත් හිස් සෝෆාවේ ඇන්දට බර වෙලා කොට්ටෙකුත් බදාගෙන මාරුවෙන් මාරුවට ජින්,සූබින්,නම්ජූන්,ජැක්සන් හතර දෙනාගේ මූණවල් දිහා බල බල හිටපු ජිමින් හිටියේ මොකක් කරන්නද කියලා හිතාගන්න බැරිව.

එක පැත්තකින් කොයි වෙලේ ජැක්සන්ගේ ඇගට පනියිද කියලා දන්නේ නැති ඇස්වලින් ගිනි පිට කරන තරුණයෝ ටිකයි තව පැත්තකින් මූණත් බෙරි කරගෙන බිම බලාගෙන ඉන්න ජැක්සනුයි මැද්දේ කාගේ පැත්ත ගන්නද කියලා තීරණය කරගන්න බැරි උනු ජිමින් හිටියේ අතරමන් වුනු බලු පැටියෙක් වගේ.

විනාඩි කීපයක් තිස්සේ තිබුනු ඒ කරදරකාර නිහඩතාවය අන්තිමට නැති කරලා දැම්මේ ලොකු හුස්මක් අරගෙන ජින් දිහා බලපු ජැක්සන්.

"සියවෙනි පාරටත් මං කියන්නනේ ඇත්තටම මොකක්ද වුනේ කියලා මං දන්නේ නෑ..."

ජැක්සන් කියද්දි ජින් ඇස් දෙක පියාගෙන එයාගේ අත් දෙකම මූණ ඉස්සරහට ගෙනත් එකට බැදගෙන මිටි කරගත්තු අත් දෙකෙන් මූණ තියාගත්තේ කේන්තියෙන් පුපුරන්න යන තමන්ව පාලනය කරගන්න වගේ.

"සියවෙනි පාරටත් මං අහන්නේ හෝසොක්ව පැහැරගෙන ගිහින් පැය ගානක් ගිහිල්ලත් ඇයි ඔයාට බැරි උනේ එයා ඉන්න තැන ට්‍රැක් කරගන්න ජැක්සන්...."

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔Opowieści tętniące życiem. Odkryj je teraz