Chapter 31

604 137 233
                                    

_____________________________________

The love of your life
will be able to make you smile,
even when you are mad as hell.

_____________________________________

"මට ඕනි දේවල් මං කොහොමහරි මගේ කරගන්නවමයි......හොදින් බැරිනම් නරකින් හරි.......මේ වතාවේ මං ඔයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ හෝසොකි.......ඔයා මගේ......."

"ඔයා මේ මින් යුන්ගිගේ.....මින් යුන්ගිගේම විතරයි......."

යුන්ගි හෝසොක්ගේ ඇස් දිහාම කෙලින් බලාගෙන එහෙම කිව්වේ ලොකු අධිෂ්ඨානයකින්.ඒ වචන ටික තමන්ගේ මුවින් පිට වෙද්දි යුන්ගිට දැනුනේ හිතේ තිබුනු ලොකූ බරකින් නිදහස් වුණා වගේ.මොකද හෝසොක් ගැන එයාගේ හිතේ තියෙන ඇත්ත්ම හැගීම් මොනවද කියලා තේරුම් ගත්තු මොහොතේ ඉදන් යුන්ගිට ඕනි වුනේ ඒ ගැන හෝසොක්ට කියන්නයි.

ඒත් යුන්ගිගේ ඉස්සරහම බිම වාඩි වෙලා උන්නු හෝසොක්ගේ මූණේ යුන්ගි බලාපොරොත්තු වුනු විදිහේ ප්‍රතිචාරයක් ඇදුනේ නෑ.

හෝසොක්ගේ මූණේ තිබුනේ පරන පුරුදු සීතල බැල්ම.ඒ මූණේ කිසිම හැගීමක් තිබූනෙ නෑ.

හැගීම්බර ඇස්වලින් තමන් දිහා බලාගෙන හිටපු යුන්ගි දිහා බලපු හෝසොක්ගේ මූණේ ඇදුනේ සමච්චල් හිනාවක්..

මූණ පැත්‍තකට හරවලා තමන්ගේ නිකටේ රැදිලා තිබුනු යුන්ගිගේ ඇගිලිවලින් මිදුනු හෝසොක් ආයෙමත් යුන්ගි දිහාට හැරුනේ කට කොනින් හිනා වෙන ගමන්මයි.

"හෝසෝකී...!?? ඔයාට අමතකද මින් යුන්ගි..මං ඔයාට කිව්වා ඔය තොල්වලින් කිසිම දවසක මගේ නම කියන්න එපා කියලා...."

යුන්ගි කියපු කිසිම දෙයක් ඇහුනේ නෑ වගේ හෝසොක් කිව්වේ යුන්ගිගේ මූණේ බලාපොරොත්තු කඩවුනු පෙනුමක් ඇදෙද්දි.

යුන්ගි හෝසොක්ව දකින්න ලැබුනු එක ගැන වගේම තමන්ගේ හිතෙ තිබුනු හැගීම ගැන හෝසොක්ට කියන්න පුලුවන් වුනු එක ගැන ඇත්තටම හිටියේ ලොකු සතුටකින්.ඒත් ඒ හැමදේම අහගෙන ඉදලත් හෝසොක්ගේ මූණේ තියා කටහඩෙවත් කිසිම උණුහුමක් නැති වෙද්දි යුන්ගිට දැනුනේ කියාගන්න බැරි දුකක්.

● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔حيث تعيش القصص. اكتشف الآن