_______________________________________
Even the smallest lie
can break the
biggest trust._______________________________________
ඔෆීස් රූම් එකේ බිත්තියට හේත්තු කරගත්තු තරුණියක්ව පිස්සුවෙන් වගේ සිප ගනිමින් හිටපු ජැන්ග් හියුක් ඔහුගේ දෙනෙත් විවර කලේ ඔෆීස් රූම් එකේ දොරට කෙනෙක් තට්ටු කරන හඩින්.
තරුණිය කලබලයෙන් වගේ ඇයගේ ඇදුම් ආයෙත් පිලිවෙල කරගනිද්දි හොදම අවස්තාවේ වුනු බාධා කිරීම ගැන කේන්තියෙන්ම දොර පැත්තට හැරුණු ජැන්ග් හියුක් ඒ කෙනාට කෑ ගැහුවේ කේන්තියෙන්.
"ඇතුළට එනවා...!"
දොර ඇරගෙන ඇතුළට ආපු කන්ග් හා නෙවුල්ව දැක්කට පස්සේ ඔහු ආපු කාරණාව තේරුම් ගත්තු ජැන්ග් හ්යුක් එයාගේ ඔෆීස් ටේබල් එක දිහාට ඇවිදගෙන ගියේ තරුණියට පිට වෙන්න කියලා හිසින් සන් කරලා.
තරුණිය පිට වෙනවත් එක්කම ජැන්ග් හ්යුක් වාඩි වෙලා හිටපු තැනට ආපු හානෙවුල් ජැන්ග් හ්යුක් ඉස්සරහ හිටගද්දි ජැන්ග් හ්යුක් ඔහු දිහා බලාගෙන හිටියේ අලුවෙලා යන බැල්මකින්.
හානෙවුල් එදා ජේහෝප්ට පැරදිලා මින් යුන්ගිත් නැතිව ආපු වෙලේ ඉදන් ජැන්ග් හ්යුක් හිටියේ හානෙවුල්ව මරන්න තරම් කේන්තියෙන්.ඒ කේන්තිය තවත් වැඩි උනේ එයාලත් එක්ක ගියපු රෙඩ් ඊගල්ස් එකේ අනිත් හැමෝටම අත් වුනු ඉරණම නිසා..ජැන්ග් හ්යුක් ඒ දවසේ හානෙවුල්ට නැගිටගන්නවත් බැරි වෙනකම් පහර දුන්නෙත් ඒ කේන්තියෙන්මයි.
හානෙවුල් එයාගේ මූණ බිමට හරවගත්තේ තවත් ජැන්ග් හ්යුක් දිහා බලාගෙන ඉන්න බැරිම තැන.
"ඔලුව උස්සනවා හානෙවුල්..!!!!"
ඒත් හානෙවුල්ට ඒ ගමන්ම ආයෙත් ඔලුව කෙලින් කරගන්න වුනේ ජැන්ග් හ්යුක්ගේ කේන්තිය පිරුණු විධානය නිසා.
"තමුසෙගේ මූණ දකින පාරක් ගානේ මට හිතෙන්නේ තමුසෙට මං සැලකුවා මදි කියලමයි...!!!!"
තමන්ගේ පා පහරක් නිසා නිල් වෙලා ගියපු හානෙවුල්ගේ එක ඇහැක් දිහා බලාගෙන ජැන්ග් හ්යුක් කිව්වේ ජැන්ග් හ්යුක්ගෙන් ලැබුනු පහරවල් මතක් වෙලා හානෙවුල් වෙව්ලලා යද්දි.
JE LEEST
● Fᴏʀʙɪᴅᴅᴇɴ Lᴏᴠᴇ ● | SOPE | ✔
Fanfictieඔහු සීතල හදවතක් ඇති දරුණු මාෆියා නායකයෙක්. " මේ මොහොතේ ඉදන්..ගත වෙන හැම තප්පරයක්ම..ඔයාට ගෙවන්න වෙන්නේ වේදනාවෙන්..ඔය පපුව රිදෙන හැම වෙලාවකම ඔයාට මතක් වෙයි ඔය වේදනාව ඔයාට දීපු කෙනාව...මේ මාව...." නොහිතපු විදිහට ඔහුට හමුවෙන අහිංසක මල් කොල්ලෙක්... "මං හ...