සිතැඟි - පළමු දිගහැරුම

334 42 32
                                    

මහා වාලුකා නදියෙහි දිය ගලා යන සිහින් හඬත්, හමායන මඳ නලට අවනතව ඉවුර අසල වන උණ ශාඛයන්හි පත්‍ර සෙලවෙන හඬත් සමඟ මුසුව ආයේ නව යෞවනියන් දෙදෙනෙකුගේ හඬය.  

"ඉදින්, නුඹේ සූදානම කලා ශිල්ප උගෙනීමට යාම?" කාලවන්, යුධ වස්ත්‍රයන්ට සමාන වූ වස්ත්‍රයන්ගෙන් සැරසී හුන් යෞවනිය ඇසූයේ ⁣බැම නංවමිනි. ඇගේ අඟුරු-පාංශු පෑ දෑස තියුණු බවක් දැක්වීය. 

ආකාශයේ පැහැය දරන සැහැල්ලු වස්ත්‍රයන්ගෙන් සැරසී සිටි යෞවනිය මන්දස්මිතයක් මුවග රඳවාගෙන ඈ දෙස බැලුවාය. "හා, මට ඇවැසියි ⁣කලා ශිල්පිනියක් වීමට. නුඹ දැක තිබෙනවා නොවෙද මගේ සිතුවම්? මා නිමැවූ මූර්ති? ඉදින්, නුඹටම වැටහී ඇතුවා නිසැකයි මගේ කලා හැකියාවන් පිළිබඳව."

"නුඹ දක්ෂ බව නම් සැබැවි, මාරුතා. නමුත්, මා වද වනුයේ නුඹේ හැකියාව පිළිබඳව නොවෙයි."

"ඉදින්?"

"නුඹට හැකිද නුඹව ආරක්ෂා කරගැනුමට? නුඹ එහි යනුයේ තනිවම, නුඹේ ආරක්ෂාවට මා හෝ නොමැතියි. එමෙන්ම කළ්‍යාණි පුරයෙහි සල්ලාලයන්ද බොහොමයි; නුඹද කඩුපුල් පුෂ්පයක් ලෙසින්ම සුන්දරයි. ඉදින් ඔවුන්ගෙන් අන්තරායක් සිදු වූවොත්, හැකිවේවිද නුඹට නුඹව ආරක්ෂා කරගැනුමට තනිවම?"

 "ඉදින් නිද්‍රා, නුඹට නොහැකිද මා හටද නුඹේ සටන් ශිල්පය මඳක් හෝ පුහුණු කිරීමට?" මාරුතා ඇසූයේ යටි තොලද නොපිට හරවමිනි.

"උණ දඬු ද්විත්වයක් රැගෙන පැමිණෙන්න. උස හා වට ප්‍රමාණය අනුව සම ප්‍රමාණ දැරිය යුතුයි."

"කුමක්ද?"

"නුඹට සටන් ශිල්ප උගෙනීමට ඇවැසි නැතිද? තමා ආරක්ෂා කර ගැනුමට ඇවැසි නැතිද?"

"ඇවැසියි, ඇවැසියි." හදිසි උද්‍යෝගයකින් නැඟී හුන් මාරුතා, තම බ⁣ඳෙහි වූ තියුණු, රජතමය කිණිස්සක් පිටතට ඇදගත්තී, අසල වූ උණ ශාක වෙතට දිව ගියාය.

ඇය යන දෙස බලා හුන් නිද්‍රා, මඳ සිනාවක් පෑවාය. ඒ සිනහවෙහි, ප්‍රීතියට වඩා රැඳී පැවතියේ සිතෙහි යටපත්ව පැවති වේදනාවකි

"මාරුතා, නු⁣ඹගේ ආරක්ෂාව පිළිබඳවම පමණක් නොවෙයි මා සිතනුයේ. නුඹට එහිදී කිසිවෙකුත් හමු වුවහොත්... එවිට නුඹ මා පිළිබඳව අමතක කර දමාවිද?"

• • • 

සිතැඟි (GirlxGirl) [Historical]Where stories live. Discover now