Chapter : 22 🖤✨️

Start from the beginning
                                    

"මෝයා......"

කියාගෙන ඩෝයූන් හාජින්ගේ උරහිසට කඩාගෙන වැටුණා..හාජින්ටත් තමන්ගේ යාලුවා ගැන දැනුණේ ලොකු වේදනාවක්..

ඩෝයූන් හාජින්ගේ උරහිසට බර වෙලා හොදටම අඩන්න ගත්තේ එයාට දැනුණ වේදනාව තවත් හිරකරගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නැති නිසා..

"හරි ඩෝයූන් දැන් අඩන්න එපා....හොදද..."

හාජින් ඩෝයූන්ගේ ඔලුව අතාගාල  ඩෝයූන්ව සැනසුවා...

"මේක කොහෙන්ද..."

ඩෝයූන් ඔලුව උස්සලා ඇහුවේ ලියුම දිහාවට ඇස් හරවලා....

"මෝයා ඔයා ශින්ජුවල දේශශීමා ගැටලු විසදන්න ගිය කාලේ එයාගේ දාසිය යුන්ට කියලා ලියවලා තියෙන්නේ..."

"ඒ කියන්නේ එයා ඒ දවස් වල ඉදන්ම දැනගෙන ඉදලා එයාගෙ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා...."

"ම්ම් ඔව්....ඒකයි එයා ඔයාට ඔය ලියුම ලියවලා තියෙන්නේ..."

"ඒත් එයාට මං මෙහෙ ආවම මට කියන්න තිබ්බා....මං එයාව බේරගන්නවනේ.."

"දැන් දුක් වෙලා වැඩක් නැහැනේ..ම්ම්...."

"මන් කොහෙද යන්න  ඕනේ...., කාටද කතා කරන්න ඕනේ..මොනවද කරන්න ඕනේ කියලා මට කිසි දෙයක් තේරෙන්නේ නෑ හාජින්....කිසිදෙයක් තේරෙන්නේ නෑ.."

"ඔයා ශක්තිමත් වෙන්න ඕනේ....මෝයාට මේ දේවල් කරපු උන්ව කොහොමහරි හොයාගන්න ඕනේ...."

"මට මගේ මෝයා නැතුව උන් හොයාගෙන වැඩක් තියනවද...."

ඩෝයූන් කිව්වේ මෝයාගේ සොහොන දිහාවට ඇස් හරවලා..

"ඔව් වැඩක් තියනවා....මෝයා වෙනුවෙන් , එයාගේ නිර්දෝශිබව වෙනුවෙන් ඔයාට සටන් කරන්නම වෙනවා ඩෝයූන්..."

හාජින් හැදුවේ ඩෝයූන්ගේ හිතේ විශ්වාසයක් ඇතිකරවන්න...

"මම කොහොමද එයා නැතුව ජීවත් වෙන්නේ...
ඔයා දන්නවද හාජින් , මෝයාට එයාගේ ඇස් පෙනීම නැතිවුණ දවසෙ මට දැනුණ වේදනාව කොහොමද කියලා..එයාටත් වඩා ඒ වේදනාව වින්දේ මම...."

"ඔව් මම දන්නවා ඩෝයූන්..."

"අපි දෙන්නට මුණගැහෙන්න ලැබෙන ටික වෙලාවෙදි හරි මම කළේ මෝයාව සතුටින් තියපු එක...
මං කවදාවත් කැමතිවුනේ නෑ ඒ අහින්සකීගෙ ඇස් වලින් කඳුළක් වැටෙනවා දකින්න....ඒ නිසා මං මට පුළුවන් හැමවෙලේම එයාව සතුටින් තිබ්බා..."

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now