" අනේ යුන්...

අහ්.. එ .. එයා කලුවරට බයයි නේ.. දෙයියනේ "
කොල්ලා අඩි ඉක්මන් කලා...

කෙල්ලගේ කාමරේටත් ඔලුව දාලා බලලා එයා එයාගේ කාමරේ පැත්තට දිව්වේ තවමත් කැටි උන බලාපොරොත්තුවෙන් ...

කාමරේ දොර ලග ඉදන් ඇතුලට අඩිය තිබ්බත් එයාට කිසි දෙයක් හරි හැටි පෙනුනේ නෑ... ඒත් තවමත් කොල්ලට ලයිට් එකක් දාගන්න සිහියකුත් නෑ...

ඒ එක්කම එයා දැක්කේ ඇද ලගම බිමට හිටිය ඒ රූපේ... කකුල් දෙකත් ඇගට තද කරගන එයා ඔහේ ඉස්සරහ බලන් හිටියා... ලා හඳ එලියට ඒ මූණ අපැහැදිලි උනත් ටේහ්‍යුන් ට එයාව අදුන ගන්න අපහසු උනේ නෑ...

කොල්ලගේ කටින් වචන පිටවෙන්නේ වත් නැති තරමට එයා ශොක් වෙලා... ටේහ්‍යුන් කවදාවත් හිතුවේ නෑ ඉයුන් බී මේ තරම් දුකින් ඉන්න දවසක් ඒවි කියලා... කෙල්ල කලුවරේම වාඩි වෙලා ඉන්නවා දැක්කම කොල්ලගේ පපුව හිරි වැටිලා ගියා...

" යු යුන්.... ඔ ඔයා .... "
ඒ කටහඬ නිසා ඒ රූපේ ලාවට හැරිලා ටේහ්‍යුන් දිහා බැලුවත් එයාගේ ඇස් වල තිබ්බ ඒ හිස් බව වෙනසක් උනේ නැති බව කොල්ලා ලා එලිය අස්සෙන් දැක්කා...

කකුල් ඉක්මන් කරලා එයා කෙල්ලගේ පැත්තට අඩිය තිබ්බත් ඒ සැනින් කකුලේ වැදුන මොකක්ද දෙයක් පෙරලිලා අහකට යනවා කොල්ලට දැනුනා...
කොල්ලා ගැහෙන හිතෙන් බිම බැලුවේ තවමත් මේ වෙන දේවල් විශ්වාස නැතුව...

" මේ... මේ මොනාද... "
කොල්ලට ඉයුන් බී ලගට යන්න නොදී පාර ඇහිරිලා තිබ්බේ බියර් බෝතල් කීපයකින්....

කොල්ලාව ගැස්සුනා... එයා බැලුවේ ඒ රූපේ දිහා... තවමත් හැලහොල්මනක් නැතුව එයා කොල්ලා දිහා බලන් හිටියේ තමන් ඉස්සරහ ඉන්න කෙනා හිතලුවක් වෙන්න ඇති කියලා හිතලා...

" දෙයියනේ යුන්... මගේ පණ... මො මොකද මේ... "
කොල්ලා බෝතල් පාග පාගම පැටලි පැටලි කෙල්ලගේ ලගට දුවලා එයා ලගින් දණ ගහගත්තා....
" යුන්... මේ මම... ඔ ඔයාගේ ටේ.... "
කෙල්ලගේ මූණ අත්දෙකෙන්ම අල්ලගන කොල්ලා කදුළු හලද්දි නම් කෙල්ලගේ ඇස් එන්න එන්න මහත් වෙන්න ගත්තා...

" ට් ටේ.... මේ... ටේ මේ ඔයාද.... "
කෙල්ලගේ අතක රැදිලා තිබ්බ බොතලේ බිම දිගේ රෝල් වෙලා යද්දි එයා ඒ සීතල අත ගෙනාවේ තමන්ගේ මූණේ තිබ්බ කොල්ලගේ උණුසුම් අත උඩට....
" ටේ... අ අනේහ්... මේ මේ හීනයක් නේද.. කමක් නෑ... ඔයා... ඔයා මාව බලන්න ආවනේ... "
කෙල්ලට කතා කරගන්න වත් බැරි වෙලා... ඒ කටහඬ මාස ගානක් තිස්සේ පාවිච්චි උනේ නැති නිසා ගොඩක් පරණ වෙලා ගිහින්....

DUΛL⏳ ( Completed )Donde viven las historias. Descúbrelo ahora