3

58 12 14
                                    

"ලීසා මොනවා හරි ඕඩර් කරන්න්කෝ අපි දෙන්නට කන්න"
"ඔන්නී ඔන්නීගේ චිකන් ඕඩර් කරන්නන් මන්" ලීසා හරි අමුතු විදිහකට මූණ හදාගෙන ඇහුවා.
"අහ්හ් මන් හිතුවා ලීසාට අමතක වෙලා ඇති කියලා මගේ ආසම කෑම" ජීසූ හිනාවෙවී කිව්වා.
"ඉන්න ඉන්න මන් ඕඩර් කරලා එන්නන්" එහෙම කියලා ලීසා එයාලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා ගිහින් එයාලාගේ ඕඩර් එක දීලා ආවා.ඊට පස්සේ විනාඩි 15 කින් එයාලාගේ ඕඩර් එක ආවා.

"අහ්හ් ලීසා මේක දකිද්දිනන් මගේ බඩගින්න තවත් වැඩි වෙනවා" ජීසූ එයාගේ හැන්දයි ගෑරුප්පුවයි අතට ගන්න ගමන් කිව්වා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

"අහ්හ් ලීසා මේක දකිද්දිනන් මගේ බඩගින්න තවත් වැඩි වෙනවා" ජීසූ එයාගේ හැන්දයි ගෑරුප්පුවයි අතට ගන්න ගමන් කිව්වා.
"ඒකනේ මගේ බඩත් කෑ ගහනවා උදේට කාලා ආවාට මොකද මේවා දැක්කම මගේ බඩේ ඉඩ නිකන්ම හිස්වෙනවා මුකුත් කෑවේ නැති ගානට" ලීසා එහෙම කියන ගමන් කෑල්ලක් අරන් කටේ දාගත්තා.
"ආව්ස් මේකේ රහ ශා" ලීසා කන ගමන් කිව්වා.
"යා ලීසා කද්දි කතා කරන්න එපා"ජීසූ බැන්නා ලීසාට.
"හිහී සොරී ඔන්නී"
දෙන්නම ඉක්මනට කාලා ඉවර කලා.ඉවර කරලා කැෆේ එකෙන් එලියට ආවා.

"ලීසා දැන් අපි කොහෙද යන්නේ" ජීසූ ඇහුවා.
"ඔන්නී අපී Everland යමූ" ලීසා හරි අහිංසක බැල්මක් දාලා ජීසූගෙන් ඇහුවා. ලීසාගෙ ඒ අහිංසක බැල්ම දැක්කාම ජීසූට බැහැ කියන්න බැරි උනා.ජීසූ හිමීට ඔලුව වැනුවා හා කියලා.
"යේ යේ" ලීසා ආයෙත් පාර මැද්දේ කෑ ගහන්න ගත්තා.ජීසූ හිමීට ලීසාගෙ අත කෙනෙත්තුවා කෑගහන්න එපා කියලා.

~~~~~~~

"හරි දැන් අපි ආවානේ දැන් මොකද කරන්නේ අපි ලීසා" ජීසූ Everland එක වටේ ඇස් යවන ගමන් ඇහුවා.
"ම්ම් ඔන්නී අපි අරකේ යන්" කියලා roller costar එක දිහාවට අත දික් කලා.
" ම්.. ම්.. මේ ලීසා ඔයාට ඕකේ යන්නම ඕනේද?" ජීසූ ගොත ගහන ගමන් ලීසාගෙන් ඇහුවා.
"අනේ ඔව් ඔන්නී මන් ඒකට හරි ආසායි අනේ අනේ අනේ යන්කෝ" ලීසා පොඩි එකෙක් වගේ උඩපනින්න ගත්තා.ලීසාගේ ඒ හුරතල් හැසිරීම දැකලා ජීසූට බැහැ කියන්න බැරි උනා.
"හ්ම් හ්ම් යන්කෝ එහෙනන්" ජීසූ අන්තිමට කිව්වා.
"යන් යන් එහෙනන්" කියලා ලීසා ජීසුගෙ අතත් අල්ලගෙන දුවගෙන Roller costar එකට දිව්වා.

Sister's loveOnde histórias criam vida. Descubra agora