" මම දන්නවා ඒක... ඔයාගේ පුංචි වෙනස් වීමත් මට දැනෙනවා යුන්... ඔයාගේ කම්මුලක් ඉදිමිලා තිබුනා .. මම ඒක දැක්කා... CCTV වලින් මම දැක්කා උන් නටපු නාඩගම...
මම අතාරින්නේ නෑ උන්ව... ඔයාගේ කෙස් ගහක් වත් ආයේ උන්ට අල්ලන්න ලැබෙන්නේ නෑ... "
අතේ තිබුන හැන්ද තදට අල්ලන ගමන් කොල්ලා එහෙම කිව්වත් ඒ මූණේ ... ඒ ඇස් වල තිබුනේ පුදුම තරම් සන්සුන් නිවුන් බවක්....

***

" මොකක්... අද රෑට.. මෙහෙද... "
කෙල්ල ඇසුත් ලොකු කරන් අහද්දි කොල්ලා ඒක අනුමත කරන්න ඔලුව වැනුවා...

" දේ.... අපි ටිකක් පරණ දේවල් වලින් ඈත්වෙමු... ම්ම්... ඔයා අකමැති ද මෙහෙ ඉන්න... "

" අනේ එහෙම නෑ ටේහ්‍යුන් ශී ... මමත් කැමතියි ඒ මතක අමතක කරලා දාලා ඉන්න... "

දෙන්නම කාමරේකට ආවම ටේහ්‍යුන් කෙසේ වෙතත් කෙල්ල නම් දුවගන ගියේ බැල්කනි එකට..
රෑ අහසේ අද තරු ගොඩක් පේන්න තියෙන නිසාමද මන්දා කෙල්ල කටත් ඇරගන උඩ බලාගන තරු හොයනවා...

" ඉයුන් බී ... ඔයා දැන් ඇදුම මාරු කරගන්න... අද ඉක්මනට නිදිය ගන්න පුළුවන් නේ.. "
කොල්ලා ඇතුලේ ඉදන් කෑගහන්න ගත්තම කෙල්ල ඉක්මනට බැල්කනි එකෙන් කාමරේට ආවා....

ඇද උඩ තිබුන ඇදුමත් කෙල්ලගේ අතට දීලා ටේහ්‍යුන් කෙල්ලව washroom එකට තල්ලු කලා...

දෙන්නම wash කරගන නිදියගන්න ආවත් කාමරේ තිබුනේ එක ඇදක් නිසා දෙන්නට දෙන්නා මූණට මූණ බලාගත්තා..
" අ... මම ඒක හිතුවේ නෑ ඉතින්... හී "
කොල්ලා මොට්ට හිනාවක් එක්ක කොට්ටේ අතට අරන් එයාම ගියේ සෝෆා එකට...

" ආහ්.. අන්ද්වේ ටේහ්‍යුන් ශී ... මම යන්නම් .. ඔයා ඇදේ ඉන්න... "
කෙල්ලත් අනිත් කොට්ටේ උස්සන් දුවගන ආවේ සෝෆා එක ලගට...

" ආනී යුන්.. ඔයා ඉන්න... මම මේකේ ඉන්නම්... කෝ ඉතින් යන්නකෝ... නිදාගන්න අනේ... "
කොල්ලා කෙල්ලගේ මූණට එබිලා කියද්දි කෙල්ල අඩියක් පස්සට උනා...

" ම්ම්හූ.. අනේ ටේහ්‍යුන් ශී අනේ.. අනේ.. මම ඉන්නම්.. අනේ මට බෑ ඔයා සොෆා එකේ තියලා ඇදේ නිදා ගන්න... "

" ඉතින් මට එහෙනම් කොහොම වේවිද.. මටත් බෑ යුන්... "
කොල්ලා ටිකක් තදින් කිව්වත් කෙල්ල නෙවෙයි නැවුනේ...

DUΛL⏳ ( Completed )Where stories live. Discover now