Chapter : 18 🖤✨️

Start from the beginning
                                    

ඉයුන්ගේ රවුම් දිගැටි මූණ , හීන් ඇස් , පිරුණු කම්මුල් එයාගේ අතීතේ රූපේ කෙනාටත් ඒ විදිහටම තිබුණා..එයා ඇදලා හිටියෙනම් සුදු ලා නිල් පාටකට හුරු ටිකක් දිග නිළධාරි ඇදුමක්..ඒ ඇදුමටම ගැළපෙන කළු පාට උස් තොප්පියත් එක්ක ඒ අතීත පෙනුමත් අනිත් අය වර්තමාන ඉයුන්ගේ පෙනුමට හොදට පෑහුණා...

"ඔයා චo මින්හෝද......??"

කියලා මගේ ඉස්සරහට ඇවිත් හිටගත්ත ඉයුන් වගේ කෙනා මගේ දිහාවට ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මා....

"ආ....හ්......ඔ....ව්.....ඔව් මම..."

එයාට අවධානේ දීගෙන හිටපු නිසා කලබලේට වචනත් පැටළුණා.....

"හා හරි එහෙනම්....
ඔයා කලින් මාළිගාවට ඇවිත් තියෙනවද....?"

"ඔව් එකපාරක්..වෙළද රැස්වීමකට දකුණු අංගනයට ආවා...."

"හරි... මේ  තියෙන්නෙ මාළිගාවේ නැගෙනහිර අංගනය...
කියලා මාළිගාව වටේට ඇස් හැරෙව්වා....

මම කාර්ය සාධන අංශයේ සහය අධ්‍යක්ෂක ඕ සොන්ග්... "

ඕ සොන්ග් රූපෙටම ගැළපෙන නම 👌  සොන්ග් එයාව අදුන්වලා දුන්නම මමත් ඔලුව නවලා ආචාර කරලා එයාව පිළිගත්තා...

"මම..."

මම ඔලුව උස්සන ගමන් මාව අදුන්වලා දෙන්න නම කියන්න හදනවත් එක්කම සොන්ග් ,

"ඔයා චo මින්හෝ....
මම ඔයා ගැන හැම විස්තරයක්ම වගේ දන්නවා...

එයා කිව්වෙ හරියට මාව කලින් ඉදන් අදුරනවා වගේ...මම එයා දිහා ඇස් ලොකු කරන් බැලුවේ සමහර විට මින්හො අදුරන කෙනෙක්වත්ද කියලා....

"ආහ්...පුදුම වෙන්න දෙයක් නෑ....
මාළිගාවේ හැමෝම වගේ ඔයාල ගැන දන්නවා...
අපි යමු.....මගෙ පිටිපස්සෙන්ම එන්න....."

කියල ඕ සොන්ග් ඉස්සර වුණා... එයාත් ඉයුන් වගේ ටිකක් කලබල කෙනෙක් කියලයි මට හිතුණේ...වැඩි කතා බහක් නොකර මාත් එයා පස්සෙන්ම ගියේ හිතේ පුoචි කුතුහලයක් තියාගෙන......

________________________

විනාඩි කිහිපයකට පසු~ 🍂

සොන්ග් මට මාළිගාවේ හැමතැනක් ගැනම හොදට කියලා දුන්නා...රජ පවුලක් නැහැයි කියලා නැහැ මාළිගාවේ හරියට වැඩ රාජකාරී තියෙනවා...ප්‍රදේශ  පහක පාලන කටයුතු අධීක්ෂණය කරන්නේ මේ යුන්පිo මාළිගාවේ.. ඒ කාලේ අමාත්‍යාංශ වගේ මෙහෙත් එක එක අංශ ඒවයේ නිළධාරීන් ඉන්නවා...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now