ඒ අහසමයි...ඒ හුලගමයි...ඒ සුවදමයි...එදා පායපු ඉරමයි...
තාමත් ඒ දේවල් ඒ වගේමයි...
අහස පොළොව වගේ අපිත් වෙනස් වෙලා නැද්ද...
නැත්තන් අපි අතීතයට සමුදීලද...
අපිට අපිව අමතක වෙලාද...
ඉස්සර හිටපු ජන්කුක් දැන් නැද්ද...
ඒ ටේහ්‍යුන්ග් තාමත් ඒ වගේමද...
ඒ ආදර මතක තාමත් එහෙම්මම තියෙනවද...
නැත්තන් ඒවත් අමතක වෙලා ගිහින්ද...
අපි ආදරෙන් තුරුල් වෙලා හිටපු තැන් තාමත් ඒ විදිහමද...
මේපල් ගහේ තාමත් මල් පිපෙනවද...
ඒ බංකුව තාමත් එතනම තියෙනවද...
ඒ තැන අපි දෙන්නටම වෙන් වෙලාද...
නැත්තන් ඒ මේපල් ගහටත් අපි දෙන්නව අමතක වෙලාද...
දැන් එතන වෙන අය එකිනෙකාගෙ උණුහුම විදිනවද...
අවුරුදු විස්සකට පස්සෙත් තාමත් හැමදේම ඒ විදිහමද...
ඔයත් තාමත් ඒ විදිහමද හියුන්...
නැත්තන් ඔයා වෙනස් උනාද...
මේ ගහ කොළ වෙනස් නොවුනට ඔය හිත වෙනස් උනාද..
නැත්තන් තාමත් ඔය හිතේ ඉන්නෙ මම විතරක්මද...
මට අලුත් ජීවිතයක් දීලා ඔයා සතුටින් හිටියද...
අපේ අතීතය තාමත් ඔයාගෙ මතකයේ තියෙනවද...
මං වගේම ඔයත් ඒ මතක ආදරෙන් පරිස්සම් කරගත්තද...
අපට හරස් උනු අපේම දෛවය අපිව ආයෙත් මුණගස්සවාවිද...
හැමදාම මගේ හිත් කොනක ඔයා ජීවත් උන බව දන්නවද...
අපිට අපිවම අහිමි උනු මේ ජීවිතය අපේ වරදක්ද...
නැත්තන් ඒ අපි ලබා උපන් විදිහද...
මේ බවේ නැතත් වෙන බවයක අපි අපේම වේවිද...
•
•
•
•
•
අවුරුදු විස්සකට පස්සෙ...ඔව්...අවුරුදු විස්සකට පස්සෙ මම ආයෙත් කොරියාවට ආවා...අවුරුදු විස්සක් කියන්නෙ පොඩි කාලයක් නෙමෙයි...තමන් ආදරය කරපු කෙනාව දකින්නෙවත් නැතුව ඒ කටහඩ අහන්නෙවත් නැතුව අවුරුදු විස්සක් තියා දවසක් දෙකක්වත් ඉන්න බැරි තරම්...ඒත් අපි දෙන්නා...අපි දෙන්නා අවුරුදු විස්සක්ම එහෙම හිටියා...දුර ඈතක ඉදන් අපි අපි වෙනුවෙන් බලාගෙන හිටියා...
![](https://img.wattpad.com/cover/285837354-288-k787642.jpg)
YOU ARE READING
𝙽𝙾𝚃 𝙼𝙸𝙽𝙴 || 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍
Short Storyසුසුමක් දුරින් නොරැදුනද... මේ හිත් මායිමේ පෙමක් පූදින්නෙ නුඹ වෙනුවෙන්ම පමණයි... මේ බවේ මට අහිමි මලක් වුවද... මතු බවේ නුබ මගේ අප අපේ බැව් මට නම් විශ්වාසයි.... ~ ♡ ~