~ 7

521 128 17
                                    

දිනය - 2021 -12 -25
වෙලාව - රාත්‍රී 8.15

තමන් මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන කෙනා එක්ක නත්තල් සමරනවා කියන්නෙ...ඒක අමුතුම හැගීමක්...ඔව්..මමත් අද නත්තල් සමරන්නෙ මගේ ආදරෙත් එක්ක...මගේ ටෙටේ..එයා ගෙදර ගිහින් wife එක්ක නත්තල් සමරන්නෙ නැතුව අද මාත් එක්ක නත්තල් සමරන්න hospital එකේ නතර උනා..අද විතරක් නෙමෙයි හැම නත්තලක්ම එයත් එක්ක සමරන්න පුළුවන් උනා නම්...ඒත් දැන් අපි පරක්කු වැඩී...

ජන්කුක්...එයත් එක්ක මම නත්තල් සමරනවා...අද දවස මගේ ජීවිතේ සතුටුම දවස වේවි...මං ආසයි හැම නත්තලක්ම ඔයත් එක්ක සමරන්න...ඒත්..ඒක කරන්න බෑ...

රෝහලේ සිටි රෝගීන් හා වෛද්‍යවරුන් බොහෝ දෙනා එක්වී මෙම වසරේ නත්තල සමරන්නට විය..අවුරුදු 4 කට අධික කාලයක් තනිවම ජීවත් වූ ජන්කුක්ට මෙම නත්තල් කතරට දිය බිදක් සේ දැනුණි...

රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු තම කාමරය වෙත ඇදී ගිය ජන්කුක්, වසන්ත සමයක මලින් සැරසුණු මේපල් ගසක් යට තමා ටේහ්‍යුන්ගේ තුරුලේ සිටින ආදරණීය මොහොතක් චිත්‍රයට නගන්නට වූයේ තම රෝගය සුව වූ විගස රෝහලෙන් පිටත් විය යුතු අතර ඉන්පසුව ටේහ්‍යුන්ව දිනපතා මුණගැසීමට තමාට අවස්ථාවක් නැති බැවින් මතක සමරුවක් ලෙසට තම අතින් හැඩගැන්වූ චිත්‍රයක් ටේහ්‍යුන්ග්‍ට ලබා දීම හැමදේටම වඩා ආදරණීය දෙයක් වේවියැයි තම සිත පුන පුනා කියන්නට වූ නිසාය...

කූ...ඔයා කෝ

මං මගේ room එකේ..ඇතුළට එන්න...

ඔයා වැඩකද...

නෑ...ඇයි මොකක් හරි කියන්න තියෙනවද ටෙටේ...

නෑ..මේ..අපි පොඩ්ඩක් එළියට යමුද...

හා..යමු..ඕක කියන්නද ඔච්චර ඇඹරුණේ...

ජන්කුක් හා ටේහ්‍යුන්ග් රෝහල් උද්‍යානයේ කෙළවරක වූ බංකුවක් මත හිදගන්නට වූහ...අහසේ ඇති තරු දෙස දෑස් දල්වාගෙන බලා සිටි ජන්කුක්ගේ දෑස් ද තරු මෙන් නැතිනම් ඊටත් වඩා දීප්තිමත්ව බබළන ආකාරය ටේහ්‍යුන්ග් බලා හිදින්නට වූයේ ආදරය, දුක, වේදනාව හා පසුතැවීම එකට කැටි වූ මහා ශෝකාන්විත හැගීමකිනි...

𝙽𝙾𝚃 𝙼𝙸𝙽𝙴 || 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍Where stories live. Discover now