~ 1

1.8K 189 27
                                    

දිනය - 2021 -12 -10
වෙලාව - උදෑසන 7.30
ස්ථානය - සෝල් මානසික රෝහල

අලුතින් පත්වීම රැගෙන රෝහලේ සේවයට පැමිණ තරුණ වෛද්‍යවරයෙක් කොරිඩෝව දිගේ ඇවිද ගොස් කාමරයක් තුළට ඇතුළු විය...

Excuse me... Can I coming??

Sure... please come and take a seat...

Good Morning Chief... මම Dr. Kim... අලුතින් පත්වීම අරගෙන ආවෙ...

Good Morning Dr.Kim...ඔය ළමයා නේද ඇමෙරිකාවෙ ඉගෙන ගත්තැයි කිව්වෙ...අලුතින් ආවා කියලා නෑ ඉතින් ඉක්මනට වැඩ ටිකට හුරු වෙන්න වෙයි...ඔයාගෙ room එක කොරිඩෝ එකේ කෙළවරේම එක...එහෙනම් දැන් ගිහින් එතන ටිකක් බලන්නකො දරුවො..

Thank you so much chief... එහෙනම් මම යන්නම්....

මම Dr.Kim කිව්වට Kim Taehyung...සල්ලිකාර පවුලක ඉපදුන නිසා මට හිතේ හැටියට ජීවත් වෙන්න පුළුවන් උනා...අවුරුදු 23ක් වෙනකන් මම ගතකරේ නිදහස් සෙල්ලක්කාර ජීවිතයක්...ඒත් ඔම්මගෙයි අප්පගෙයි කීමකට පිටින් යන්න බැරි නිසා මීට අවුරුදු 4කට කලින් මට අකැමැත්තෙන් උනත් ඇමෙරිකා යන්න උනා... එයාලට ඕන උනා මම නිකමෙක් වගේ ඉන්නෙ නැතුව ටිකක් හරි වැදගත් මනුස්සයෙක් කරන්න...මම හිතුවෙ එයාලා මාව ඇමෙරිකා යවන්නෙ music, dancing වගේ Art subjects ඉගෙනගන්න කියලා...ඒත් එහෙට ගියාටත් පස්සෙයි මම දන්නෙ එයාලා මාව ඇතුළත් කරලා තියෙන්නෙ medical college එකකට කියලා...කවදාවත් ජීවිතේක වටිනාකමක් ගැන හිතන්නෙ නැතුව වැඩ කරපු මට අන්තිමට medical student කෙනෙක් වෙන්නත් උනා...එහේදියි මෙහේදියි කියලා වෙනසක් නෑ...මම ජීවත් උනේ මට ඕන විදියට...මටත් පුදුමයි! ඔයාලට වගේම... මම දැන් වෛද්‍යවරයෙක්... එසේ මෙසේ වෛද්‍යවරයෙක් නෙමෙයි...මානසික රෝහලක වෛද්‍යවරයෙක්...ඉස්සර හිටියා වගෙ ආයෙ කවදාවත්ම මට ඉන්න බැරි වෙයි...මොකද මම දැන් ඉස්සර වගේ නිදහස් කෙනෙක් නෙමෙයි....ඒත් මට දැනෙනවා..මම වෙනස් වෙලා කියලා..මම මේ වෙනසට කැමතී...හුරුවෙන්න ටික කාලයක් ගියත් මට වෙනස් වෙන්න පුළුවන් උනා..ඉස්සර හිටපු Taehyungට වැඩිය මම දැන් ටිකක් වෙනස්...මම කොහොමහරි මේ අය වෙනුවෙන් කැපවෙනවා... වෛද්‍යවරයෙක්ගෙන් ඉෂ්‍ට වෙන්න ඕන යුතුකම් වගකීම් ගොඩක් තියෙනවා...මම ඒවා ඉෂ්ට කරන්න උත්සාහ කරනවා....ඒත් මට තාමත් මාවවත් විශ්වාස නැතුව මම කොහොමද ඒක කරන්නෙ...උත්සාහ කරලම බලමු..නේද??

𝙽𝙾𝚃 𝙼𝙸𝙽𝙴 || 𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍Where stories live. Discover now