Chapter : 16 🖤✨️

Start from the beginning
                                    

චoසොන් කිව්වේ මල් මාල වලින් උඩ වහලේ සරසන මිනිස්සු දිහා බලලා...චoසොන්  වෙඩින් එකකට වගේ මිනිස්සු ළවා ඇතුල්වීමේ ඉදලා සේරම හරි ලස්සනට සැරසුවා....

"බලාගෙන පරිස්සමෙන්......
(ඉණිමගේ නැගලා ඉන්න මිනිස්සු දිහා බලලා...)

"චoසොන් ප්‍රාධානීතුමා මේ තීරුව යන්න ඕනි රෝසපාට මල්වලින් නේද....."

"ඔව් ඔව්......ඔය ටික එල්ලලා ඉවර වෙලා පහන් කූඩු ටිකත් එල්ලන්න........"

"යාහ් සoගීත කණ්ඩායම එනවා කිව්වේ කීයටද....?...."

චoසොන් කිව්වේ රෙදි වගයක් උස්සගෙන යන මනුස්සයෙක්ව නවත්තගෙන....

"සoගීත කණ්ඩායම දවල් ශින්ජු වලින් පැමිණියා...ඔවුන් දැන් උඩ ශාලාවේ විවේක ගන්නවා...."

"හරි එයාලට වෙලාවට ලෑස්ති වෙලා ඉන්න කියන්න...."

"හරි ප්‍රධානීතුමා......"

කියලා ඒ මනුස්සයා යන්න ගියා... චoසොනුත් ජන්ග්කුකී වගේමයි...එයත් ඔය සරසන වැඩ එහෙම හරි පිළිවලට කරනවා....චoසොන් දිහා දුර ඉදන් බලන් හිතපු මම එයා ළගට ඇවිදන් ගියේ හිනා ඉරක් මූණේ ඇදගෙන...

"යහ්....චoසොන්... ඔය ඇති බන්......
ඊයේ හවස ඉදන්ම සරසනවනේ...."

කියලා මම චoසොන් ළගින් ගිහින් හිටගත්තා..

"ඇති නෑ....මේ වගේ අවස්ථාවක් මුළින්ම ලැබුණේ මට..
ඉතින් මේක උපරිමෙන් කරන්න එපැයි...."

සියපත් ශාලාවෙ මේ උත්සවය සමරන එකට චoසොන් හිටියේ ගොඩක් සතුටින්....

"හරි හරි.....ඔයාගේ කැමැත්තක්....."

"හරි .....චo මින්හෝ ඔයා ගිහින් දැන් ටිකක් විවේක ගන්න.... සoගීත කණ්ණාඩය තව ටිකකින් එයි...
මන්  ඉස්සරහට ගිහින් අමුත්තෝ ටික බලලා එන්නම්....."

චoසොන් එහෙම කියලා ශාලාවේ ඉස්සරහට ඇවිදගෙන ගියා...මටත් ඉතින් විශේෂයෙන් කියලා කරන්න වැඩක් නැති නිසා මන් ශාලාවේ ලස්සන බල බල ඉස්සරහට ඇවිදන් ගියා..
ටිකක් දුර ඇවිදන් ගිය මගේ ඔලුව උඩට උඩින්  මල් මාලයක් වැටුණේ එකපාරටම..

"අනේ මට සමාවෙන්න ප්‍රධානීතුමා...."

ඉණිමග උඩ මල් මාල එල්ලපු මනුස්සයා කිව්වා...

My Empress 🖤️✨ ( Sinhala Ff ) Complete Where stories live. Discover now