ඒත් ඉතින් යුන්ගි ඉන්න නිසා එහෙම කරන්න බෑනේ..

මම මුල්ම slice එක එයාට පිඟානකට දාලා දුන්නා. වැඩිහිටියන්ට ගරු කරන්න එපැයි.
එයා මගේ දිහා බැලුවා.

"මට එපා ඔලීව්..."

"ආහ් ? ඇයි ? "
මං කියන්නෙ මේ , මොන මනුස්සය ද පීට්සා කන්න කැමති නැත්තෙ ?

"මම diet එකක ඉන්නෙ...."

තව ටිකෙන් කන්න ගියපු එක හපන්නෙ නැතිව ගිලලා මැරෙනවා.

"ඇයි ඒ ? ඔයා ? මොකටද ? "

"මට හිතෙනවා එහෙම කලොත් හොඳයි කියලා.."

"ඔයාගෙ company එක හෙම.."

"නෑ නෑ මමයි හිතුවෙ, අනිත් එක කැමරාවට භොඳට ඉන්නත් එපැයි, ARMYලාත් කැමති වෙන එකක් නැහැ මං අල ගෙඩියක් වගෙ හිටියොත්...."
එයා අහිංසක විදිහට බලාගෙන හිටිය.

අර අල ගෙඩියක කතාව එයා මට පුද්ගලිකව එල්ල කරපු මඩ ප්‍රහාරයක් වෙන්න නැතුව ඇති කියලා මං හිත හදාගත්තා.

Kpop idols ලා ඔය වගෙ භයානක විදිහට නොකා නොබී ඉන්න බව මම අහලා තිබුන තමයි. ඒත් ඉතින් company එකෙන් හෙම කියලත් නැත්තම් මොකටද ?

ඊටත් වඩා යුන්ගි ඉන්නෙ ලොකු පීඩනයකින් කියලා මට හිතුනා.

මම කන්න ගත්තු එක පැත්තකින් තිබ්බා.

"මේ අහන්න යුන්ගි....." එයා ඔලුව උස්සල මගේ දිහා බැලුවට පස්සෙ මං එයාගෙ ඇස් දිහා බලාගෙන දිගටම කතා කරන්න ගත්තා.

" මම දන්නවා ඔයාගෙ carrier එක තමයි හැමදේම.. music තමයි ඔයාගෙ මුලු ජීවිතේම.. පෙනුමත් එකට වැදගත් කියලා...

ඒ වුනත් පොඩි විවේකයක් ගත්තට වැරැද්දක් නැහැ.....එහෙම නෙවෙයිද ? සමහරවේලාවට ඔය හැමදේකින්ම ඈත් වෙලා අපි හුස්ම ගන්න ඕනේ.. තේරෙනවද ?

අපි කැමති දෙයක් කරන්න ඕනේ.. කැමති දෙයක් කන්න ඕනේ.. කැමති තැනකට යන්න ඕනේ... හිතෙ තියාගෙන ඉන්නෙ නැතිව කතා කරලා නිදහස් වෙන්න ඕනේ..."

එයා පැත්තක් බලාගත්තා. ඒත් මං දිගටම කියාගෙන ගියා.

"සමහර වේලාවට අපි කොච්චර කලත් ඒක මදි වගේ දැනෙනවා තමයි, ඒත් පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න.. පොඩි වෙලාවකට හරි ඔයා , ඔයා වෙන්නෝනෙ.. අනිත් එක ඔයාට ආදරය කරන අය කවදාවත් ඔයා මොන විදිහට හිටියත් මොන විදිහට හැසිරුනත් මොන විදිහෙ පෙනුමක් තිබුනොත් ඔයාව අතාරින්නෙ නැහැ...

One Night Love At London  ( COMPLETED )Where stories live. Discover now