මම කිසිම දෙයක් දැනෙන් නෑ කියලා හිතෙද්දි ඔහෙ බලාගෙන ඉඳගෙන හිටියා.
මුලින්ම පලවෙනි පාරට එයාව දකිද්දිත් මම හිතුවෙ එයා පාලමෙන් පැනලා මොනවාහරි කරගනි කියලා, අර සීනි හොය හොය ආපු කට්ටිය එයාව පැහැරගෙන යන්න හදනවා කියල හිතද්දි, ඊටපස්සෙ ගෙදරදි එකපාරටම එයා නැහැ කියලා දැනුනම... එතකොට දැන් ?
නැහැ... කිසිම නරක දෙයක් වෙන්නෙ නෑ..හැමදෙයක්ම හොදින් වෙයි....
"ඔව් මුකුත් වෙන්නෙ නෑ නූනා..... සර් ට හොඳයිලු..."
මම බලද්දි ජේක් මගේ එහා පැත්තෙන් ඉදගෙන හිටියා."ඉක්මනට හොස්පිට්ල් එකට ගෙනාව නිසා අවුලක් නෑලු... එයා සාමාන්‍ය තත්වෙට ඇවිත්...ෂූටින්ග්ස් කැන්සල්......නූනා ගෙදර යන්න..."
අනේ කොලුවෝ මගේ නම නූනා ද නීනාද මොකක්ද ඒක නෙවෙ අනේ... ඒක ඔ-ලී-වි-යා... ඔලීවියා බැරිම නම් ඔලියා ඔන්න ඔහේ කමක් නෑ සහෝදරි හරි කියන්න කියලා මම හිතුව විතරයි ඒක කියාගන්න තරම් ශක්තියක් තිබුනෙ නැහැ.
මට ඇහුනා කියල කියන්න මම ඔලුව වැනුවා.
"නූන ව මම ගෙදරට ඇරලවන්නද ?" ජේක් මගේ දිහා හෙන අනුකම්පාවෙන් බැලුවා. එයා හිතුවෙ මං ජීවිතෙට මනුස්සයෙක් කලන්තෙ දාලා වැටෙනවා දැකලා නැහැ කියලද දන්නෙත් නැහැ.
"එපා.. ඕනෙ නැහැ ජේක්.."
මගේ බෑග් එකත් අතෑරලා දාපු තැනින් හොයාගෙන මම ඒ මහා බිල්ඩිමෙන් එලියට ආවා.
මම මගේ සුපුරුදු පාරේ හෙමීට ගාටන්න ගත්තා. හයියෙන් ගියොත් මගෙ මොලේ හෙල්ලිලා මොකක්හරි සංසිද්ධියක් වෙන්න පුලුවන් කියලා මට හිතුනා.
මට නවතින්න වුනේ මේ ටිකේම වුනා වගේ වාහනයක් නවත්තපු හින්දා.
මගේ ගොන් මොලේ හිතුවෙම එයා එදා වගේ ඩ්‍රයිවින් සීට් එකෙ ඉඳගෙන රැවිල්ලක් දාලා , නගිනවා ! කියයි කියලා, ඒත් ඒ වෙනුවට මට උදව් කරපු යුන්ගි ගෙ බොඩිගාඩ් කෙනෙක් මාත් එක්ක හිනාවුනා.
"නගින්න මිස්... "
මම බලාගෙන හිටියා."මට කෝල් එකකුත් ආවා සර්ට සිහිය ආපු ගමන් කියලා තියෙන්නෙ මිස් ව ගිහින් ඇරලවන්න කියලා...."
YOU ARE READING
One Night Love At London ( COMPLETED )
Fanfictionලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් මුලු ජීවිතේම කරගත්තු පුංචි ෆොටෝ එකකින් ජීවිතේ පාට පාට හොයපු ආදරයක් ගැන නොහිතපු ඔලීවියා ග්‍රේස් ගෙයි, මිනිස්සුන්ට වඩා මියුසික් එක්ක කල් ගකරප...