මං හිතන්නෙ මං ඒ wedding එක තමයි හොදටම කරේ...
Garen function එකක් , මාරම ලස්සනයි.. මට උදව්වට crew එකක් හිටිය නිසා හොදට ගියා. සෑහෙන ඔට්ටු විල්ලක් වෙලා අපි සුපිරියටම shootings ටික කරගෙන ගියා.
ඔන්න ඔය අතරේ තමයි යුන්ගි ව මම දැක්කෙ, අවංකවම මම කටත් ඇරගෙන වගේ ද මන්දා ඒ දිහා බලාගෙන හිටියේ, ටිකක් වටපිට බලද්දි එහෙම හිටියේ මං විතරක් නෙවෙයි කියලා මට තේරුම් ගියා.
එතන හිටපු හැමෝම යකා ගහලා වගේ සද්ද නැතුව එයා දිහා බලාගෙන හිටියා.
ආ ඔව්, එයා මාව දැක්කෙ නැහැ සන්තෝසයි...
හොදයි ඇත්තටම ඒක එහෙම බලන්නම ඕන සිද්ධියක් තමයි , Body Gurds හතරක් පහක් එක්ක එයා එතනට එද්දි පෙනුනෙ තනිකරම Action Movie එකක සිද්ධියක්..
මං, කියන කීවෙනිපාරද දන්නෙ නෑ එයා මොන දේ ඇන්දත් මාරම පෙනුමයි නේ , ඒත් Full suite එකට ...... වාව්..... ඒ කියන්නේ වාව්.... සා... වාව් !
Couple එකට සුභ පතලා එයා එතනින් ඉක්මනටම යන්න ලෑස්ති වුනා , එයා කා එක්කවත් වැඩිපුර කතාවට ගියේ නෑ , ඒත් ගොඩක් අය එයාව කතාවට අල්ලගන්න හැදුව වගෙයි පෙනුනේ.. විශේෂෙන්ම කාන්තා පාර්ශ්වෙ...එතන හිටපු Models වගේ ගැහැනුලමයි එක්ක කට්ට කලු ඇදලා ඒ මදිවට කලු කැප් එකත් දාගෙන හිටපු දුප්පත් මාව එයා කොහොම දකින්නද කියලා මං හිත හිත ඉද්දිම ටික වෙලාවකින් එයා යන්න හදලත් හෙමින් සීරුවේ මගේ දිහා කෙලින්ම බැලුවා.
මම ලාවට අංශක 45 කෝණයට හැරිලා බැලුවෙ වෙන කවුරුහරි මගේ පැත්තෙ ඉන්නවද කියලා..
ගොඩාක් දුරට shootings ඉවර නිසා අපි පොඩි break එකක් ගත්තා. මං හිටියෙත් වැඩිය ජනතා ඇසට ගැටෙන්නැති විශේෂෙන්ම එයාට වැඩිය පේන්නැති කොණක පුටුවක ඉදගෙන..
YOU ARE READING
One Night Love At London ( COMPLETED )
Fanfictionලන්ඩන් තේම්ස් වලින් හමාගෙන ආපු සීතල සුලඟ ත් එක්ක හිතුවේ නැති විදිහට මුණ ගැහුනු අමුතුම හමුවීමක්... කැමරාවක් මුලු ජීවිතේම කරගත්තු පුංචි ෆොටෝ එකකින් ජීවිතේ පාට පාට හොයපු ආදරයක් ගැන නොහිතපු ඔලීවියා ග්රේස් ගෙයි, මිනිස්සුන්ට වඩා මියුසික් එක්ක කල් ගකරප...