අලුත් දෙයියා අංක එක 🙄😂

845 193 215
                                    

"හැලෝව්... ටෙස්ටින්ග්... වන්... ටූ... ත්‍රී... මාව ඔයැයිලට ඇහෙනවදෝ...? හැලෝව්..." සියුස් තමන්ගේ මුළු මාලිගාවටම ඇහෙන්න උගුරත් දෙතුන් පාරක් පාදලා වැඩේ පටන්ගත්තේ අයියනායක දෙවි පිහිටෙන් මේ දක්ෂිණායනේ හරියට කොරගන්ට ලැබෙන්නයි කියලා.

ඒත් සියුස් කෑ ගහනවා විතරයි. අනිත් ඈයොන්ගෙන් උත්තරයක් නෑ.

"මේ, තාත්තේ, ඔයා ගිරිය කඩාගෙන බෙරිහන් දෙනවා වගේ අපිට පේන්නේ ඇයි? නැත්තන් ඇත්තටම ගිරිය කඩාගෙන බෙරිහන් දෙනවද?" එහා පැත්තෙන් වයින්කාරයාගෙ සද්දෙ ඇහුණා.

"මං මේ තවුසෙලට කතා කරනවා තමයි බොලව්. උඹලා බීරොද?" සියුස් ආයෙත් කෑ ගැහුවේ දක්ෂිණායනෙන් පස්සේ ස්ට්‍රෙප්සිල්ස් පෙත්තක් බොන්න හිතාගෙන.

"මේ සියුස්, ඔයැයි ඔය කැමරාව විතරක් ඔන් කරගෙන මොනාත කරන්නේ? මයික් එක ඔන් කරනවා මනුස්සයෝ..." ඒ අස්සේ හේරා බෙරිහන් දෙනකොට තමයි සියුස්ට වැඩේ මීටර් උනේ.

"හත්තික්කේ! ලැජ්ජාව සවලෙන් එකයි බාල්දියෙන් බාගයයි! ඒක අමතක වුණා නෙව!" එහෙම කියන ගමන් සියුස් මයික් එකත් ඔන් කරගත්තා.

"හරි! දැන් ඔහෙලට ඇහෙනව ඇතිනේ? ඒ හින්දා කටවල් වහගෙන මං කියන එව්වා ටික අහගෙන හිටපල්ලා හරිද?" සියුස් හා හා පුරා පුරා පරවියාටයි හාවටයි ජයවේවා කියලා වැඩේ පට්ටාන් ගත්තා.

අනිත් ඈයොත් මොකුත් කියන්නැතුව අහන් හිටියේ මොකද වෙන්නේ කියලා.

සියුස් මුලින්ම එයාගේ අලුත්ම කණ්ණාඩි කුට්ටම දාගත්තා. ඒක රිදියෙන් කරලා තිබ්බයි කියලා එයැයි රට වටේ පම්පෝරි ගැහුවට ඔික හදපු මනුස්සයා මට කිව්වේ ඒක යකඩින් හදලා උඩින් බාල නිපොලැක් වර්ගේ රිදී පාට පේන්ට් එකක් ගෑවයි කියලා. අන්න එදා තමයි මම හරියටම තේරුං ගත්තේ සියුස්ගේ තරම.

"හරි, අපි කෙලින්ම කතාවට එමු. අද මාතෘකාව තමයි-" සියුස්ට කිය කියා හිටපු එක නවත්තන්ට උනේ මොකෙක්දෝ රේස් හෑන්ඩ් කරපු නිසා.

"ඔව් ඇෆ්‍රොඩයිට් කියමු බලන්න?"

"මේකයි, අපේ පඩි වැඩි කරන්නේ කවදද? මට අලුත් ට්‍රිප් එකක් යන්ට තියෙනවා. ඉතින් ඒකට ඇඳුම් ටිකක් ඒම ගන්ට ශොපින් යන්න ඔිනේ ඒකයි. මේ දවස්වල මගේ ආර්ථිකේ බින්දුවයි. මේ දවස්වල කපල් සෙට් වෙනවත් හරි අඩුයිනේ. කොරෝනා නිසා දැන් සංචරණ සීමා." 

ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎Where stories live. Discover now